Home » වසර 16කට පසුව කාන්තා ක්‍රිකට් පෙරළියක්

වසර 16කට පසුව කාන්තා ක්‍රිකට් පෙරළියක්

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

අයිසීසී කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ එක් දින ශූරතාවලියේ පසුගියදා නිමා වූ නවසීලන්ත-ඔස්ට්‍රේලියා එක්දින තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණුු 75කින් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ලබන වසරේ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ස්වයංක්‍රීයවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා විය.

මෙම කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ තරග සටහනට අදාළව සෑම කණ්ඩායමක්ම තරග 24ක් බැඟින් ක්‍රීඩා කළ යුතු අතර පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව එම තරග ප්‍රමාණය ක්‍රීඩා කොට ඉන් තරග 9ක් ජය ගෙන තරග 11ක් පරාජය වී ඇත. තවත් තරග 4ක් විසඳුමකින් තොරව කෙළවර වූ අතර සම්පූර්ණ ලකුණු 22ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ශ්‍රේණිගත කිරීමේ ලකුණු සටහනේ 5 වැනි ස්ථානය ලබාගෙන ඇත.

බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය යන කණ්ඩායම් දෙකම ඔවුන්ගේ මෑතකාලීන ලීග් අදියරේ තරග පරාජයන්ට ලක්වීමෙන් පසු ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලානයට ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් හයට ඇතුළත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණ අතර 2008 වසරින් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් එක්දින අයිසීසී ලෝක කුසලාන තරගාවලියකට සෘජුවම සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.

මේ වන විට ශ්‍රේණිගත කිරීමේ ලකුණු සටහනට අනුව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් පහ පිළිවෙළින් සුදුසුකම් ලබා ඇති අතර ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් හයට ඇතුළත් වීම සඳහා නවසීලන්තය, බංගලාදේශය හා නවසීලන්තය යන කණ්ඩායම් සටන් කරමින් සිටී. එහෙත් මෙම සටහන තබන මොහොත වන විට නවසීලන්තය ඔවුන්ගේ තරග 24 අවසන් කර තිබෙන පසුබිමක තවත් තරග 4ක් ඉතිරි වී ඇති කොදෙව් කාන්තාවන්ට ශ්‍රී ලංකාව පසුකර යාමට නම් එම තරග 4ම ජයගත යුතුය. නමුත් මේ දිනවල ඔවුන් ඉන්දීය කණ්ඩායම ඉදිරියේ එක්දින තරගාවලිය පරාජය වී සිටින මෙහොතක ඉතිරි එක් තරගයද අවදානම්ය.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමට තවත් තරග 3ක් ඉතිරිව තිබෙන අතර කොදෙව්වන්ට එරෙහිව ඇති එම තරග 3ම බංග්ලාදේශය ජය ගත්තද ශ්‍රී ලංකාව ස්වයංක්‍රීයව සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 6න් පහළට නොවැටෙන අතර නවසීලන්තය එකී කණ්ඩායම් 6 තුළට ඒමට නම් කොදෙව්වන් ඉන්දියාව ඉදිරියේ සේදී ගොස් බංග­්ලාදේශයද කොදෙව් කාන්තාවන් හමුවේ පැවැත්වීමට නියමිත එක්දින තරග 3ම පරාජය විය යුතුය. ඉන් පසුව ජනවාරි මාසයේදී ලීග් අදියර අවසානයේ පළමු ස්ථාන හයට අමතරව ඇතුළත් කර ගන්නා කණ්ඩායම් දෙක තෝරා ගැනීම සඳහා ද තවත් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් පැවැත්වෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division