වාර කිහිපයක්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) කැලැන්ඩරයෙන් ඉවත්වී තිබූ අයිසීසී ශූරයන්ගේ කුසලාන (ICC Champions Trophy) ක්‍රිකට් තරගාවලිය වසර 8කට පසුව නැවතත් ලබන නව වසරේ පෙබරවාරි 19දා සිට මාර් තු 9දා දක්වා පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියේ ඉන්දියාව සහභාගී වන තරග සඳහා පමණක් මධ්‍යස්ථ වෙනත් ක්‍රීඩාංගණයක් ලෙස එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණය තෝරාගත් බවට අයිසීසීය පසුගියදා නිවේදනය කළේය.
මෙසේ මධ්‍යස්ථ වෙනත් ක්‍රීඩාංගණයක් සඳහා තීරණයක් ගැනීමේ ප්‍රශ්නයට අයිසිසීය මුහුණ දී තිබූ අතර ඒ සඳහා විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව පැත්තට ද හැරීමට අදහසක් මතුව තිබුණේ 2027 වසර දක්වා අයිසීසී තරග කාලසටහනට අනුව පැවැත්වෙන ඉන්දියා-පාකිස්තාන් තරග වෙනත් මධ්‍යස්ථ රටක පැවැත්විය යුතු යැයි ගෙන තිබූ තීරණයක් මතය. ඒ අනුව මෙකී ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්තාන් තරගය ද ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඇතැමුන් අපේක්ෂා කළ ද එය එසේ සිදුනොවීමෙන් සංචාරක ව්‍යාපාරය ද මුසුවූ ඉමහත් ආර්ථික වාසි රැසක් ශ්‍රී ලංකාවට අහිමි විය.
කෙසේ වෙතත් 2026 පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ශ්‍රී ලංකා-ඉන්දියා සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත බැවින් ඊට අදාළ ඉන්දු-පාකිස්තාන් තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට දැනටමත් අයිසීසීය තීරණය කර ඇතැයි පැවැසේ. 1996න් පසුව පාකිස්තානයේ පැවැත්වෙන ප්‍රථම ලෝක මට්ටමේ ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර කණ්ඩායම් 8ක් දින 19ක් පුරා තරග 15කට ක්‍රීඩා කරනු ඇත. බංගලාදේශය, ඉන්දියාව, නවසීලන්තය හා සත්කාරක පාකිස්ථානය “ඒ” කාණ්ඩය යටතේ තරග වදින අතර “බී” කාණඩය යටතේ ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව තරග වදිනු ඇත. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් නොලැබීම ද විශේෂත්වයකි.