Home » දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක්

දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක්

by chanaka
December 30, 2024 11:48 am 0 comment

වසර 27කට පසු දකුණු කොරියාවේ ඊයේ සිදුවූ විශාලතම මගී ගුවන් අනතුර හේතුවෙන් එරට තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 179කි.

අනතුර වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය සමග 181 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ දෙදෙනෙකුට පමණි.

තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුආන් දක්වා ගමන් ඇරඹු මෙම ගුවන් යානයේ එක් එන්ජිමක පිපිරීමක් සිදුව තිබුණේ මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඉහළ අහසේදිය.

පිපිරීමට හේතුව ගුවන් යානයේ එන්ජිමට කුරුල්ලෙකු වැදීම නිසා බවයි අනුමාන කර ඇත.

කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස වීමේදී රෝද පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීම නිසා යානය ධාවන පථය දිගේ ඇදී ගොස් ආරක්ෂිත බැම්මේ වැදී අනතුර සිදුව තිබූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. එම අවස්ථාවේ යානයේ අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක්ව තිබුණි.

අනතුර පිළිබඳ දකුණු කොරියානු රජය විමර්ශනයක් ආරම්භ කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division