රට පුරා මේ දිනවල නිවාස වෙළෙඳසල් බිඳ දේපොළ සොරකම් කිරීමේ සිදුවීම් පිළිබඳ බහුලව අසන්නට දකින්නට ඇති ප්‍රධාන කරුණකි. කෑගල්ල, දීවෙල, පල්ලේගම, නාමල්ගම ප්‍රදේශයේ 46 හැවිරිදි දෙදරු පියෙක් රබර් ඔට්ටපාළු ඇතුළු කුළුබඩු ද්‍රව්‍ය මිලට ගන්නා වෙළෙඳසලක් සහ සිල්ලර බඩු වෙළෙඳසලක් ද පවත්වාගෙන යයි. වෙළෙඳසල ආසන්නයේ දෙදරු පියාගේ නිෙවස ද පිහිටා තිබේ. මෙම වෙළෙඳසල් හිමියා සෑම පුර පසළොස්වක පෝ දිනකම බිරිය සහ දියණියන් දෙදෙනා සමඟ මෙරට පිහිටි ප්‍රසිද්ධ වෙහෙර විහාරස්ථාන වැඳ පුදා ගැනීම කලක සිට පුරුද්දක් ලෙස සිදු කරමින් සිට තිබේ.
ඉකුත් 14 වැනිදා උඳුවප් පුර පසළොස්වක පෝයදා ඔවුන් කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගැනීමට යාමට කල්තියා සැලසුම් කරගෙන තිබුණි. සැලසුම් කර ගත් ආකාරයට 13 වැනිදා පාන්දර වෙළෙඳසල, නිෙවස ඉබි යතුරු දමා වසා වෑන් රථයෙන් සිවුදෙනා කතරගම කිරිවෙහෙර බලා පිටත්ව ගියහ.
කිරිවෙහෙර ඇතුළු පූජනීය ස්ථාන කිහිපයක් වැඳ පුදා ගත් සිවුදෙනා යළි 14 වැනිදා රාත්‍රී 10ට නාමල්ගම නිෙවසට පැමිණියහ. වෙළෙඳසල් හිමියා, දියණියන් දෙදෙනා වෑන් රථයේ සිටියදී බිරිය නිවසේ පිටුපස දොර විවෘත කර ඇතුළට ගියාය.
“ගේ බිඳලා” යනුවෙන් ඇය මහා හයියෙන් විලාප දුන්නාය. වෙළෙඳසල් හිමියා ද පැමිණ නිෙවස ඇතුළට ගොස් බලා නිෙවසේ අල්මාරියේ තබා තිබුණු රුපියල් ලක්ෂ 27ට වැඩි රන් භාණ්ඩ ද ගැහැනු දරුවන් දෙදෙනාගේ කාමරයේ තිබුණු රුපියල් 72,000ක් වටිනා ලැප්ටොප් පරිගණකය ද වෙළෙඳසලේ තිබුණු මුදලින් රුපියල් ලක්ෂ 6ක් සොරකම් කර ඇතැයි පවසා 15 වැනිදා පෙරවරුවේ කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. එම පැමිණිල්ලට අනුව සැකකරු කවුරුන් ද යන්න පොලිසිය හඳුනාගෙන සිටි අතර ඒ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සිටියේය.
ඉකුත් 18 වැනිදා පෙරවරුවේ බොරැල්ල පොලිස් ස්ථානයට මෝදර පොලිස් ස්ථානයෙන් අනුයුක්ත කර සිටි සැරයන් අනුරසිරි (13164) ඇතුළු නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් සැරසී නගරයට යන එන ජනයාගේ ගැට කපන්නන් මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමේ රාජකාරි සඳහා යොදවා තිබුණි. බොරැල්ල ගුවන් පාලම යට ලැප්ටොප් පරිගණකයක් සහ දුරකතනයක් අතැතිව සිටි තරුණයෙක් දුටු පොලිස් කණ්ඩායම ඔහුගෙන් තොරතුරු අසා සැකපිට අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසියට භාර දී තිබුණි. පසුව බොරැල්ල පොලිසිය සැකකරුගෙන් තොරතුරු විමසා ලබාගත් තොරතුරු අනුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දැනුවත් කරන ලදී. එම දැනුම්වත් කිරීම අනුව ඉකුත් 14 වැනිදා නාමල්ගම නිෙවස සහිත වෙළෙඳසල බිඳ රන් භාණ්ඩ සහ මුදල් සොරකම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු මොහු බවට හඳුනා ගැනීමෙන් පසුව බොරැල්ල පොලිසිය මඟින් එම සැකකරු අත්අඩංගුවට ගැනිණි. පසුව කෑගල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එහි ගොස් සැකකරු භාර ගැනීම සිදු කෙරිණි.
අනතුරුව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත නාමල්ගම නිෙවස සහිත වෙළෙඳසල බිඳ රන් භාණ්ඩ, මුදල්, ලැප්ටොප් පරිගණකය සොරා ගැනීමට සැකපිට නාමල්ගම, දීවෙල, පල්ලේගම, කෑගල්ල ලිපිනයේ පදිංචි 29 හැවිරිදි ගමරාලලාගේ සංජීව ප්‍රසාද් කුමාර නමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනිණි. එහිදී සැකකරුට රැඳී සිටීමට නවාතැන් දී තිබුණු බොරැල්ල සරණංකර හිමි මාවතේ පදිංචිව සිටින 34 හැවිරිදි ලියනගේ දොන් අසංක චතුරංග සහ ඔහුගේ නිෙවසේ තිබී නාමල්ගම නිෙවසින් සොරකම් කරන ලද රන් භාණ්ඩ ද පොලිසිය අත්අඩංගුවට ගැනිණි.
සොරකම් කරන ලද රන් භාණ්ඩවලින් පවුම් දෙකහමාරක් බර අත් පලඳනාවක් සරණංකර හිමි මාවත බොරැල්ල ලිපිනයේ පදිංචිව සිටින 66 හැවිරිදි ගලගෙදර කංකානම්ලාගේ නිහාල් ප්‍රේමචන්ද්‍ර නමැත්තාට දී රුපියල් ලක්ෂ 3කට උකස් කර දීම සම්බන්ධයෙන් ඔහු ද අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනා කෑගල්ල මූලස්ථාන පොලිසියට රැගෙන ගොස් ප්‍රකාශ ලබා ගැනීම සිදු කෙරුණේ අනතුරුවය.
එහිදී ප්‍රධාන සැකකරු කියා ඇත්තේ තමන් මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා ඇප මත පැමිණි බවත් පසුව මව සමඟ නිෙවසේ පදිංචිව සිටින අවස්ථාවේදී නිෙවස කඩා වැටීම නිසා මව හෙට්ටිමුල්ලේ පදිංචිව සිටින බාල සහෝදරියගේ නිෙවසට ගිය බවත්ය. තමා බන්ධනාගාරගතව සිටින අවස්ථාවේදී හඳුනාගත් බොරැල්ලේ පුද්ගලයෙකුගේ නිවසට ගොස් රැඳී සිටි බවත් නාමල්ගම වෙළෙඳසල් හිමියා සෑම පුර පසළොස්වක පෝ දිනකම විහාරස්ථානයක් වැඳ පුදා ගැනීමට යන බව කල්තියා දැනගෙන සිටි බවත් පවසා තිබිණි.
ඒ අනුව ඉකුත් 13 වැනිදා බොරැල්ලේ සිට කෑගල්ලට තනිවම පැමිණ කැලෑ දිගේ ගමන් කර අදාළ වෙළෙඳසලට ඉහළින් පිහිටා ඇති රබර් ඉඩමේ ගලක් මතට පැමිණ එහිදී නින්දට වැටුණු බවත් පාන්දර නැඟිට නිවැසියන් සිටිනවා ද නැද්ද බැලීමට නිෙවසේ වහලයට ගලක් ගැසූ බවත් කිසිම තොරතුරක් නොමැති නිසා නිෙවසට ගොස් මිදුලේ තිබුණු උදැල්ල ගෙන දොරට පහර දී දොර කඩා ඇතුළට ගොස් අල්මාරියේ තිබුණු රන් භාණ්ඩ බහා තිබූ භාජනයක්, ලැප්ටොප් පරිගණකයක් සහ මුදල් ද ගෙන බොරැල්ල බලා ගිය බවත් අනාවරණය කළ බව පොලිසිය පැවසීය.
කෑගල්ල වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. වීරසිංහගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලාල් ප්‍රියන්ත, කොස්තාපල්වරුන් වන කළුගල්ල (61699), බණ්ඩාර (77178), නිමන්ත (85049) යන නිලධාරින් විසින් සැකකරුවන් තිදෙනා රන් භාණ්ඩ, ලැප්ටොප් පරිගණකය කෑගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් යුරේකා විමලජීව වෙත ඉදිරිපත් කර තිබුණි. රන් භාණ්ඩ, ලැප්ටෝප් පරිගණකය පැමිණිලිකරුට මුදා හරින ලෙසත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. ප්‍රධාන සැකකරුට කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු 6ක් පවතින බවත් පොලිසිය පැවසීය.
කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්