– ගාලු පාර දිගේ කොළඹ යන කෙනකු පවා පාර වරද්දා නොගෙන බම්බලපිටිය හන්දිය හොයා ගත්තේ අව්වට දිළිසි දිළිසි බබළන ඒ දැවැන්ත ELASTO නාම පුවරුවෙනි
– අප මේ ප්‍රතිරෝධක රබර් පටි ජාත්‍යන්තරයට යවන්නේ ලොව අංක එකේ ජනප්‍රිය සන්නාම වෙනුවෙන්…
– අනතුරකදී සැණෙකින් එතැනින් ඉවත් වන්නට, ක්ෂණික ප්‍රතිචාර දක්වා හිස අත් පා ඉවත් කරගන්නට මෙයින් ලැබෙන වේගවත් බව ජීවිතයට ඉතා ප්‍රයෝජනවත්
– ලොව වේගවත්ම ධාවකයා වන හුසේන් බෝල්ට් පවා මෙම ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් භාවිත කරන්නෙක්.
මීට දශකයකට දෙකකට එපිට ඉලස්ටෝ ගැන නොදන්නා කෙනකු නොසිටිය තරම් ය.
ගාලු පාර දිගේ කොළඹ යන කෙනකු පවා පාර වරද්දා නොගෙන බම්බලපිටිය හන්දිය හොයා ගත්තේ අව්වට දිළිසි දිළිසි බබළන ඒ දැවැන්ත ELASTO නාම පුවරුවෙනි.
බම්බලපිටිය හන්දියෙන් ‘බෞද්ධාලෝක මාවත…’ පටන් ගන්නා මායිමේ පිහිටි මේ ELASTO පුවරුව කවුරුත් හඳුනන, එතරම් ම පුරුදු ජනප්‍රිය මඟ සලකුණක් වූයේය.
එපමණක් නොව, අපේම රටේ රබර් කිරිවලින් සාදන ලද බොහෝ කලක් පාවිච්චි කළ හැකි පොල් ගහ ලකුණ ELASTO රබර් සෙරෙප්පු සහ ELASTO බෑග්, එකල ජනතාවගේ එකම තේරීම වූයේ ද මේ ඉලාස්ටෝ පුවරුව බැබළුණු ඒ යුගයේ ය.
විවෘත ආර්ථිකයේ පැමිණීමත් සමඟ බොහෝ දේශීය කර්මාන්ත පල්ලම් බැස යද්දී, අනාගතය දුටු ඉංජිනේරුවකු වූ ඩොනල්ඩ් ගුණසේකර මහතා 1978 දී සිය ඉලාස්ටෝ ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස අපනයන වෙළෙඳපොළ තෝරා ගත්තේ ය. එනම්, ප්‍රතිරෝධක රබර් පටි හෙවත් ශරීර සුවතාව පවත්වා ගැනීමට බෙහෙවින් උපකාරී වන, ජාත්‍යන්තරයේ හොඳ ඉල්ලුමක් ඇති Resistance Bands නිෂ්පාදනය ආරම්භ කළේය.
අද වන විට ජාත්‍යන්තර ක්‍රීඩා ලෝකයේ සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබෙන ප්‍රතිරෝධක රබර් පටි නිෂ්පාදනයේ දැවැන්තයකු බවට පත් වන්නට, එදා ඔහු අපනයනය වෙනුවෙන්ම ආරම්භ කළ Textrip පුද්ගලික සමාගමට හැකිව තිබේ.
ELASTO මවු සමාගමේ අපනයන ව්‍යාපාරය වන 1978 ආරම්භ කළ ඒ Textrip (Pvt ) Ltd, මේ වන විට ලෝකය දිනමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උත්පාදනය කරනුයේ, දේශීය රබර් කිරි කර්මාන්තය ද ලෝකයට ඔසවා තැබීමට විසල් ලෙස දායක වෙමිනි.
තවමත් අපේ රටේ හරිහැටි ප්‍රයෝජනයක් නොගන්නා, ඔවුන්ගේ ප්‍රධාන අපනයන නිෂ්පාදනය වන, 100%ක් ස්වාභාවික දේශීය රබර් කිරිවලින් නිෂ්පාදනය කරන, ව්‍යායාම සඳහා ම වූ ප්‍රතිරෝධක රබර් පටි හෙවත් Resistance Bands වල ඇති ඵල ප්‍රයෝජනය අති මහත් ය.
Textrip සමාගම නිපදවන එම විචිත්‍රවත් සහ ආකර්ෂණීය Resistance Bands සන්නාමය වන ‘TEXSTRETCH’ ක්‍රීඩා විද්‍යාව, ව්‍යායාම විද්‍යාව, සුන්දරත්වය සහ හැඩරුව වර්ධනය කිරීම, භෞත චිකිත්සාව සහ පුනරුත්ථාපනය ඇතුළු සෞඛ්‍ය සහ සුවතා යන අංශ ගණනාවක විහිදී පැතිරී ලක්ෂ ගණනක ජනතාවක් නීරෝගිව තබයි.
එම Resistance Bands නිෂ්පාදන කට්ටල මලල ක්‍රීඩා, පාපන්දු, ක්‍රිකට්, කරාටේ සහ ඔරු පැදීම වැනි බොහෝ ක්‍රීඩා සඳහා ප්‍රභේද 70කට අධික ප්‍රමාණයක් භාවිත කරයි. විශේෂයෙන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් අතර, අද වන විට ඔවුන්ගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස Resistance Bands භාවිත කරයි.
පසුගියදා පැවති ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද NCE – ජාතික අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේ දී Textrip පුද්ගලික සමාගම රබර් සහ රබර් නිෂ්පාදන අංශයේ මහා පරිමාණ අපනයන රිදී සම්මානය යළි හිමි කර ගන්නට සමත් වූයේ මෙවැනි පසුබිමක ය.
එමෙන්ම, ජාතික කර්මාන්ත විශිෂ්ටතා (Ceylon National Chamber of Industries) හෙවත්, CNCI – 2024 සම්මාන උලෙළේදී ද, මහා පරිමාණ කාණ්ඩයේ නිෂ්පාදන අංශයේ රන් සම්මානය Textrip දිනා ගත්තේය.
මින් පෙර 2019, 2020 සහ 2021, 2022, 2023 වර්ෂවල දී CNCI විශිෂ්ටතා සම්මාන අඛණ්ඩව දිනා ගත් Textrip ආයතනය මෙවර CNCI සම්මාන දිනා ගත්තේ අඛණ්ඩව 6 වැනි වරට වීම ද විශේෂත්වයකි.
සිය නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම (Value Added) 60% සීමාව ඉක්මවා තිබීම, අඛණ්ඩව සිදු කරගෙන යන ඵලදායිතා වර්ධන වැඩසටහන්, නාස්තිය අවම කිරීම, ක්‍රියාවලි ප්‍රවර්ධන වැඩසටහන්, අඛණ්ඩ සේවක ඵලදායිතාව, සමාජ සුබසාධන සේවා, කම්කරු සබඳතා, සමාජ සහ පාරිසරික බැඳීම්…යන අංශ ගණනාවක සාර්ථකත්වය මෙම සම්මාන කෙරෙහි සලකා බලන ලද හේතු සාධක අතර ප්‍රධාන විය.
නීරෝගි පැවැත්මක් සඳහා මෙම ප්‍රතිරෝධක පටි භාවිතාව මිනිසුන්ගේ ජීවිත පුරුද්දක් බවට පත්කරලීමට බොහෝ වෙර වෑයම් දරන Textrip (Pvt ) Ltd ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, පී. ඒ. නන්දසේන මහතා මේ පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.
“Textrip කියන්නේ, අගය එකතු කළ (Value Added) රබර් කර්මාන්තයේ නියැළෙන 100%ක් දේශීය සමාගමක්. ඒ වගේම 100%ක් ස්වාභාවික දේශීය රබර් කිරිවලින් නිෂ්පාදනය කරන, ව්‍යායාම සඳහා වන ප්‍රතිරෝධක රබර් පටි හෙවත් Resistance Bands අප Textrip ආයතනයේ ප්‍රධාන නිෂ්පාදනයයි.
වසර 46 ක් අඛණ්ඩව ඇමෙරිකාව, යුරෝපය, ඉන්දියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් 30කට අප මේ ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් අපනයනය කරනවා. මේ තරම් දිගු කාලයක් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් වන මෙම Textrip රබර් බෑන්ඩ් අඛණ්ඩව ජාත්‍යන්තර වෙළෙඳපොළට සපයන්නට අපට හැකි වූයේ, එම ව්‍යායාම උපාංග සඳහා ලෝකයේ තිබෙන ඉහළ පිළිගැනීම නිසයි. අප මේ නිෂ්පාදන ජාත්‍යන්තරයට යවන්නේ ලොව අංක එකේ ජනප්‍රිය සන්නාම වෙනුවෙන්. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට වෙනස්. බොහෝ අය කාය වර්ධන මධ්‍යස්ථානවලට ගොස් කරන ව්‍යායාම බොහෝමයක්, මේ ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් සහ Loop Band ආශ්රයෙන් නිවෙසේදී ම කරන්නට පුළුවන්. නමුත් අපේ රටේ ව්‍යායාම කරන අය තුළ පවා ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් භාවිතාව පිළිබඳ අවබෝධය අඩුයි.
ඒ නිසා අප සමාජ සද්කාරක වැඩසටහනක් ලෙස පාසල්වලට ගොස් දැනුම්වත් කිරීමේ වැඩසටහන් කරනවා. ප්‍රතිරෝධක පටි පැක් එකක් නොමිලයේ ලබා දෙනවා. අපේ ආයතන පරිශ්‍රයේත් ඒ සඳහාම තැනක් තිබෙනවා. අපේ ආරාධනාවට එන අයට එහි පුහුණු සැසි පවත්වනවා. ඒ වගේම ආයතනවලට ගොස් හඳුන්වා දීම් සිදු කරනවා. ශරීරයේ සෑම කොටසකටම ගැළපෙන ව්‍යායාම පටි තිබෙන නිසා, වයස 13න් ඉහළ ඕනෑම කෙනකුට මේ ප්‍රතිරෝධක පටි භාවිත කළ හැකියි.
රාජ්‍ය සහ පුද්ගලික ආයතනවලට ගොස් මෙම ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් භාවිතාව ඇසුරින් Wellness Wisdom නම් වැඩසටහනක් අප නොමිලයේ පවත්වනවා. මෙමඟින් ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් භාවිත කොට, නිවසේදී ම ව්‍යායාම්වල යෙදිය හැකි ආකාරය පිළිබඳ ඔවුන් දැනුම්වත් කරනවා.
ලොව වේගවත්ම ධාවකයා වන උසේන් බෝල්ට් පවා මෙම ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් භාවිත කරන්නෙක්. මෙහි ප්‍රයෝජනය අපේ ජනතාවට සමීප කරවීමයි, අප ආයතනයේ අරමුණ.
මේ ප්‍රතිරෝධක පටි භාවිතයෙන් මාංශ පේශී හැඩ කර, සිරුර ශක්තිමත් කරනවා. නම්‍යශීලි බව වැඩි කරනවා. ක්රීඩකයකුට සහ සාමාන්‍ය ජීවිතය තුළ ඕනෑම කෙනකුට ඉතා වැදගත් ප්‍රතික්‍රියාශීලීත්වය සහ ශරීරිකව දරා ගැනීමේ ශක්තිය පුරුදු පුහුණු කරනවා. කාන්තාවන් වෙනුවෙන් ම අප නිෂ්පාදනය කරන Loop Band භාවිතාව මාංසපේශී ශක්තිමත් කරන අතර, සිරුරේ හැඩ ගැන්වීමද ඉතා හොඳින් සිදු කරනවා. මෙය සෑම කාන්තාවකට ම නිවෙසේ සිටම කළ හැකියි.
චලනය වීම වේගවත් කරන නිසා, ඕනෑම අනතුරකදී සැණෙකින් එතැනින් ඉවත් වන්න, අනතුරකදී ක්ෂණික ප්‍රතිචාර දක්වා හිස අත් පා සැණෙකින් ඉවත් කරගන්න මෙයින් පුරුදු පුහුණු කරවන වේගවත් බව, ජීවිතයට ඉතා ප්‍රයෝජනවත්. ප්‍රතිරෝධක පටිවලින් ව්‍යායාම කළ කෙනකු, එය නැතිව කරන විට වේගය වැඩියි. හුස්ම ගැනීම සහ හුස්ම අල්ලා සිටීමේ හැකියාව වැඩි වනවා. හදවත ශක්තිමත් කරනවා. ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
අසනීප කෙනකුට වුණත් ඇඳ මත ඉඳගෙන චලනය වැනි සුළු ව්‍යායාම් සඳහා භාවිත කරන්නට පුළුවන්. එයින් ලේ ගමනාගමනය හොඳින් සිදු වනවා. ඇඳටම සීමා වූ රෝගියකුට වුණත් උපදෙස් මත මේ මඟින් සුදුසු ව්‍යායාම් කරන්නට පුළුවන්. මොකද, ඇවිදින්න බැරි අයට මේ පටිය ආධාරයෙන් කකුල ඔසවන්නට චලනය කරන්නට හැකියි. එයින් උදරය නෙරා එන එක නතර වනවා. විනාඩි දහයේ සිට පැය භාගය දක්වා කාලයක් පුරුදු පුහුණු වූ විට ඉතා පහසුයි. මේ ව්‍යායාම්වලට පුරුදු වූ අයට ආතරයිටීස් වැනි රෝග වැලඳීමේ ප්‍රවණතාවක් නැති තරම්.
විශේෂයෙන් දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ගේ උදරය යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මේ ඉතා හොඳ විසඳුමක්.
ඕනෑම කෙනකුට දරන්නට පුළුවන් මිලක් වන රුපියල් 300 සිට මේ බෑන්ඩ් මිලදී ගත හැකියි. ව්‍යායාම උපකරණ මිලදී ගන්නවා මෙන් ලක්ෂ ගණනින් වියදම් කරන්න ඕනේ නැහැ. ආබාධවලට ලක්වූවන් නැවත යථා තත්ත්වයට පත්වන්නට මෙය ඉතා හොඳ ව්‍යායාම ක්‍රමවේදයක්. මාංසපේශී සවිමත් වන නිසා බරක් දරන්නට තරම් ශරීරය ශක්තිමත් වනවා. වේගය හැදෙනවා.
වැදගත්ම දේ, ඕනෑ තැනක අරන් යන්නට පුළුවන්. ස්වාභාවික රබර් නිසා පාරිසරික ප්‍රශ්න නැහැ. නිකම්ම තිබෙනවාට වඩා පාවිච්චි කරන්න කරන්න මේ බෑන්ඩ්වල කල් පැවැත්ම වැඩියි. එක බෑන්ඩ් එකක් අවුරුද්දකට ආසන්න කාලයක් පාවිච්චි කරන්නට පුළුවන්. පාවිච්චිය පිළිබඳ ඕනෑ තරම් උපදෙස් ලබා ගත හැකියි.
හැම ජිම් එකකටම මේ ප්‍රතිරෝධක පටි ඉතා ප්‍රයෝජනවත්. 100%ක් දේශීය රබර් කිරිවලින් නිෂ්පාදනය කරන නිසා සමට කිසිදු අසාත්මිකතාවක් ඇති කරන්නේත් නැහැ.
අනික මේ ක්‍රමවේදය තව කෙනෙක් පරදන දෙයක් නෙවෙයි. තමාව සංවර්ධනය කර ගන්නා අතර, සෑම මනුෂ්‍යයෙක්ම නීරෝගි කරලීමේ චේතනාවෙන් කෙරෙන ව්‍යායාම ක්‍රමවේදයක්. මෝස්තර 80ක් නිෂ්පාදනය කරන නිසා, ඒවා ප්‍රමාණවලට කැඩුණු විට වර්ග 800 කට වඩා වැඩියි. තමන්ගේ ශරීරයට, ශක්තියට, බරට සහ උසට ගැළපෙන ආකාරයෙන් තෝරා ගන්නට වර්ණවලින් වෙන් කර තිබෙනවා.
කෙසේ වෙතත් අපගේ ප්‍රධාන අමුද්‍රව්‍යය වන Latex 100% ක්ම දේශීය රබර් කර්මාන්තයෙන් ලබා ගන්නා නිසා, දේශීය රබර් නිෂ්පාදකයන්ටත් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම කර්මාන්තයේ සැපයුම් දාමය ශක්තිමත් කෙරෙනවා. මිල දී ගන්නන්ට සහ අලෙවි කරන්නන්ට ලාංකීය රබර් කර්මාන්තය තුළ හොඳ ආර්ථිකයක් ගොඩ නැඟෙනවා.
Textrip සෑම විටම පරිසර හිතකාමී ක්‍රියාවලීන් අනුගමනය කිරීමට උත්සාහ කරන නිසා, එමඟින් එහි පාරිසරික බලපෑම, බලශක්ති භාවිතය සහ අපද්‍රව්‍ය කළමනාකරණ උපාය මාර්ග පිළිබඳ ඉතා විශිෂ්ට පියවර රැසක් අනුගමනය කරනවා. අපේ රටේ රබර් දියර කිරිවල සිට අවසාන නිමැවුම දක්වා පාවිච්චි කරන මේ කිසිදු රබර් කැබැල්ලක් අපතේ යන්නේ නැහැ. බොක්සින් ක්‍රීඩාව පුරුදු පුහුණු වන පංචින් බෑග් එක පුරවන්නේත් ඒ අපතේ යන අවසානම කුඩා රබර් කැබලිවලින්.
බෙන්තොට අක්කර 18ක් පුරා විහිදුණු සුවිසල් කර්මාන්ත ශාලාවක ජාත්‍යන්තරයට යෑම සඳහා 1978 පටන් අද දක්වා TEXSTRETCH ප්‍රතිරෝධක රබර් බෑන්ඩ් නිෂ්පාදනය වන්නේ අපේම ජනතාවගේ දෑතින්. ඒ හරහා, කළුතර බෙන්තොට අවට ග්‍රාමීය කාන්තාවන් ඇතුළු 300 දෙනකුගේ පවුල්වල සාමාජිකයන් 1500 කට ආසන්න ප්‍රමාණයකට ආර්ථිකයක් හදා තිබෙනවා. රබර් කිරි කර්මාන්තය සහ ජීවිත නඟා සිටුවමින්, හොඳ නිෂ්පාදනයක් ඔස්සේ ව්‍යවසායකත්වයක් ගොඩනැඟූ Textrip, වසර 46ක් පුරා රටට විදේශ විනිමය ඉපැයූ ආයතනයක්. මේ ජයග්‍රහණය විශාල සතුටක් සහ උත්තේජනයක් වන්නේ මේ පසුබිම තුළයි…”
1947 ආරම්භ කළ Textrip මවු සමාගම වන Elasto ශ්‍රී ලාංකාවේ පළමු දේශීය පාවහන් සමාගම යි. පාවහන් යනු විලාසිතා මෙවලමකට වඩා ජීවිතයේ ලෞකික ක්‍රියාකාරකම්වල දී දෙපා ආරක්ෂා කර ගැනීමේ පූර්ව පියවරක් ලෙස කල්පනාකාරී වන්න යැයි එදා ඉලාස්ටෝ සමාගම ජනතාවට නිතර මතක් කළේ, සමාජ මෙහෙවරක් ලෙස ය.
ඉංජිනේරුවකු වූ නැසී ගිය සභාපති ඩොනල්ඩ් ගුණසේකර මහතා සහ ඔහුගේ සහෝදරයා වන දිවංගත ඩී. විල්සන් ගුණසේකර මහතාගේ ඇවෑමෙන් සමාගම දෙවැනි පරම්පරාවේ පාලන සමයේ පවතින අතර, තාක්ෂණවේදයේ ප්රාමාණිකයකු වන මංගල ගුණසේකර මහතා අද ඉලාස්ටෝ සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
පොලිමර් තාක්ෂණය පිළිබඳ ඔවුන් සතු සුවිශේෂී දැනුම සහ හැකියාවත්, රබර් සංයෝග සැකසීමේ ඔවුන් සතු අද්විතීය තාක්ෂණයත් නිසා, සුවිශේෂී ලෙස තත්ත්වයෙන් උසස් නිෂ්පාදන සමඟ ජාත්‍යන්තරය හා තරග කරන්නට Textrip සූදානම් ය.
ප්‍රතිරෝධක රබර් බෑන්ඩ්, ටියුබ් සහ තීරු, මෙට්ට, ළදරු ඇඳ ඇතිරිලි, රබර් කිරි ආලේපිත රෙදි නිෂ්පාදන, Rubber Interlocking Pavers සහ පුළුල් පරාසයක විහිදුණු ක්‍රීඩා ආශ්රිත අගය එකතු කළ (sports related value – added products) ව්‍යායාම ආශ්රිත නිෂ්පාදන ඇතුළු Textrip නිෂ්පාදන ගණනාවක් ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කරමින් ඉදිරියට යන බව, Textrip සමාගමේ නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරිනී, ඉන්දිරා සේනාරත්න මහත්මිය පැවසුවා ය.
එවැනි පසුබිමක, 2018 SLT SILK Sports Awards හි දී ‘TEXSTRETCH ‘ සන්නාමය ජාත්‍යන්තර ක්‍රීඩා භාණ්ඩ කර්මාන්තයේ විශිෂ්ටතම ශ්‍රී ලාංකේය සන්නාමයේ ජයග්‍රාහකයා ලෙස පිළිගැනීමට ලක් වීම, දේශීය කර්මාන්තයක් ලෙස ලද ජයග්‍රහණ රැස අතර සුවිසල් ජයග්‍රහණයකි.
එසේම, නිෂ්පාදන ක්‍රියාවලියේ දී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ස්ථාවරව රැඳී සිටීමට අවශ්‍ය ගුණාත්මකභාවය පිළිබඳ හොඳම සාධකය බව පසක් කරමින්, ISO 9001: 2015 සහ ISO 14001: 2015 ප්‍රමිතීන්ට සහ REACH ප්‍රමිතීන්ට අනුකූලව Textrip නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සිදු කරයි. සමාගම ලබා ගත් නවතම ප්‍රමිති සහතිකය වන්නේ, 2024 වසරේ ලබා ගත් ISO 45001:2018 ප්‍රමිති තත්ත්ව සහතිකය යි.
එමෙන්ම, සේවක සුබ සාධනය සඳහාම වූ ප්රමිතීන් සුරකින SMETA යුරෝපීය ප්‍රමිතීන්ට අනුකූල කර්මාන්ත ශාලාවක් සහ SEDEX ආචාරධර්ම සුරකින සහතික ලත් ආයතනයක් ලෙස Textrip සමාගම තවත් යුග ගණනක් ඉදිරියට යනු ඇත.
පිටු සැකසුම චතුපබෝධා විජයලත්
ඉනෝකා පෙරේරා බණ්ඩාර