Home » AIA ඉන්ෂුවරන්ස් නව සංවර්ධන කාර්යාලයක් අනුරාධපුරයට

AIA ඉන්ෂුවරන්ස් නව සංවර්ධන කාර්යාලයක් අනුරාධපුරයට

by Mahesh Lakehouse
January 4, 2025 12:32 am 0 comment

AlA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සිය බෙදාහැරීම් ජාලය ව්‍යාප්ත කරලීමේ ප්‍රයත්නයේ තවත් පියවරක් ඉදිරියට තබමින්, නොබෝදා අනුරාධපුර නගරයේ දී නවතම AlA සංවර්ධන කාර්යාලයක් විවෘත කරන ලදි. මෙම කාර්යාලය අංක 562/106/N2, පියවර 3, කාර්මික පෙදෙස, අනුරාධපුරය දරන ස්ථානයේ පිහිටා ඇත. මෙම නවතම කාර්යාලය ඔස්සේ අසමසම රක්ෂණ විසඳුම් සමඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් සුවිශේෂී පාරිභෝගික සේවාවක් අත්විඳීමේ අවස්ථාව උදාකර දී ඇත. ඒ ඔස්සේ, අනුරාධපුර නගරයේ සහ ඒ අවට ජීවත් වන පාරිභෝගික ජනතාවට ජීවිත රක්ෂණ, සෞඛ්‍ය රක්ෂණ, විශ්‍රාම සැලසුම් සහ ආයෝජන යන පුළුල් පරාසයක් සහිත රක්ෂණ විසඳුම් රැසක් ලබා දීමට එම කාර්යාලයේ සේවයේ නියුතු රක්ෂණ වෘත්තිකයින් කණ්ඩායම වඩාත් කැපවීමෙන් යුතුව සහාය වනු ඇත.

ඒ ඔස්සේ සියලුම සේවාලාභීන්ටත් ඔවුන්ගේ ආදරණීයයන්ටත් අනාගත මූල්‍ය සුරක්ෂිතතාව සහ රැකවරණය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division