ශ්‍රී දළදා මාලිගාව හා මහජන බැංකුව එක්ව සමාජ සත්කාරක මෙහෙවරක් ලෙස ක්‍රියාත්මක කරන සිසු දිරියට බොදු සවියක්’ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරමින්, එහි මධ්‍යම පළාත් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මහනුවර, පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙරට අධ්‍යාපනයට දක්ෂ, එනමුත් දිළිඳුකමින් පෙළෙන දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. මෙහිදි 2023 වසරේ පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් හට 2024 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි 11 වන ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්ව පිරිනැමිණි. ඒ අනුව දිස්ත්‍රික්ක 16ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 207 ක් ආවරණය වන පරිදි සිසුන් 2000කට පමණ ශිෂ්‍යත්ව ලබා දීමට නියමිත අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සුවිශේෂී නිර්ණායක මත විධිමත් ලෙස ශිෂ්‍යත්වලාභින් තෝරා ගැනේ. ජාති, ආගම් භේදයකින් තොරව අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට මාසිකව රු.1500/-ක ශිෂ්‍යත්ව මුදලක් වසර 6ක් පුරා ලබා දෙනු ඇත.