ජාත්‍යන්තර වාහන නිෂ්පාදකයන් අතර ප්රමුඛ පෙළේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිෂ්පාදකයකු වන TVS Motor Company (TVSM), ඔවුන්ගේ TVS iQube ඉලෙක්ට්‍රික් ස්කූටරයේ 2.2 kWh බැටරි සහිත නව ස්කුටර මාදිලිය විවිධ පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රභේද 3කින් සහ වර්ණ හයකින් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.
පරිසර හිතකාමී තිරසර ප්‍රවාහනයට දායක වෙමින් TVS විදුලි වාහන ක්ෂේත්රයේ දියුණුවට ස්ථිරව කැප වී සිටියි. මෙම කැපවීම TVS Lanka සමඟ බැඳුණු ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලයක් මඟින් තවදුරටත් වැඩි දියුණු කර ඇත. TVS iQubeහි නව 2.2 kWh බැටරි මාදිලිය සැලසුම් කර ඇත්තේ විදුලි වාහන ක්ෂේත්රය පුළුල් කිරීමට සහ පාරිභෝගිකයින් සඳහා අඩු පිරිවැයක් ඇති ගුණාත්මක යතුරුපැදියක හිමිකම ලබා දීමට ය.