Home » ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් RoWeR කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයට පහසුකම්

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් RoWeR කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනයට පහසුකම්

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට සමගාමීව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් AHC මහනුවර සහ CGI යාපනයේ Mechcreatio Industrial Solutions Pvt සතු සන්නාමයක් වන RoWeR වෙතින් උසස් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සජීවීව ප්‍රදර්ශනය කිරීමට පහසුකම් සැලසීය.

REDA මධ්‍යම පළාත, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සිංහ සමාජය, කාන්තා වාණිජ මණ්ඩලය සහ අනෙකුත් ආයතන සමඟ එක්ව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ යාපනයේ දී එම ප්‍රදර්ශනය පවත්වන ලදි. එහිදී කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස යාපනයේ CGI, කිළිනොච්චිය, යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ක්ෂේත්‍රවල සහ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ දී පෙළපාළි ප්‍රදර්ශනය සංවිධානය කරන ලදි.

මේ අවස්ථාවට විශ්වවිද්‍යාලයේ විවිධ කෘෂිකාර්මික අධ්‍යයන විෂය ධාරාවන්හි සිසුන් 50කට අධික පිරිසක් සහ පීඨ සාමාජිකයින්, මධ්‍යම, UVA, උතුරු පළාත්වල ගොවීන් 200කට අධික පිරිසක්, කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්පත්දායකයින් ඇතුළුව උද්‍යෝගිමත් සහභාගීත්වයක් දක්නට ලැබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division