Home » ගම්භාර දෙවියන්ගේ පිහිට ලැබෙන මහානුභාවසම්පන්න පූජාව

ගම්භාර දෙවියන්ගේ පිහිට ලැබෙන මහානුභාවසම්පන්න පූජාව

ප්‍රබල හාස්කම් සහිත ප්‍රති­ඵල ද ගෙනෙන මහඟු පූජා­වක්

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

– නිවෙසේ ඊසාන දිශාවේ පහන්පැල තනන්න
– පුරපස කෙම්මුර දිනෙක රාත්‍රී 9.25ට ගම්භාර දෙවියන්ට පහන දල්වන්න
– වත්පිළිවෙත් නිවැරැදි නම් ඔබේ යහපත් ප්‍රාර්ථනය සාර්ථක වෙනවාමයි

‌ෙවසේ කිසිම දියුණුවක්, ප්‍රගතියක් නැති ,කරදර කම්කටොලු රාශියක් ඇති බොහෝ දේ අහිමි වූ අය ඒ දුක් කම්කටොලු කරදර අකාමකා දැමීම සඳහා පැවැත්විය හැකි ප්‍රබල පූජාවකි මේ. ප්‍රබල හාස්කම් සහිත ප්‍රතිඵල ද ගෙනෙන මේ මහඟු පූජාවට. අවශ්‍ය වන්නභක්තිය සහ ඒ වෙනුවෙන් කැපවීමය. විරුද්ධ වාදින්ගේ හදි සුනියම් වලට ලක්ව අසරණ වූ අය දුක් කම්කටොලු , අසනීපවලින් සියල්ල අහිමි වි ගිය අය , දැඩි ලෙස අපල උවදුරුවලින් පීඩා විඳින අය දියුණුව උදාකර ගත හැකි මාර්ගයන් සොයන අයට මෙම පූජාව මහත් අස්වැසිල්ලක් ගෙනදෙනු නොඅනුමානය.

පළමුව ඔබ ජයග්‍රාහී දිවියක හිමිකරුවකු වන බව මනසට ගන්න. මුලින්ම ඔබ ජිවත්වන නි‌ෙවස, වත්ත, තැන කුමන විදියේ ස්ථානයක් වුවද ඉතාම පිරිසුදුව පවිත්‍රව තබා ගන්න. අනවශ්‍ය බඩු බාහිරාදිය ඉවත් කරන්න. දෙහි යුෂ, අමු කහ යුෂ මිශ්‍රිත වතුරින් ගෙබිම දෝවනය කරන්න. සියලු ලී බඩු බාහිරාදිය ද එලෙසම කරන්න.

වත්තේ අස්සක් මුල්ලක් නෑර මේ යුෂ වතුර ඉසින්න. සියලු අමනුශ්‍ය දෝෂ දුරු කරන සරලම කෙම් ක්‍රමය මෙයයි. මුළුතැන්ගෙයද ඉතා පිරිසිදු , පිළිවෙළ තැනක් බවට පත්කර ගන්න.

මුලින්ම කෙම්මුර දින 45 ක් නිර්මාංසව පේ වෙන්න. උදය සවස සුවඳ දුම් වර්ගයකට ගුගුල් , දේවදාර ජටාමාංශ , හල් දුම්මල, සැවැන්දරා, කට්ටකුමංජල් මිශ්‍රීතව දුම් අල්ලන්න. සමන්පිච්ච, මල් විලඳ, මිපැණි, හඳුන්කුරු පූජාවට අවශ්‍ය වේ. සූනියම් දෙවිදුන්ගේ ඇල්ම බැල්ම හිමි ප්‍රබලම දේවාලයකට ගොස් මෙම පූජාව පේවි තබන වග උතුම් සූනියම් ‍ෙදවිඳුට පවසන්න . ආශීර්වාද ලබා ගන්න. පුරපස කෙම්මුර දිනෙක සියලු වතාවත්වලින් අනතුරුව නි‌ෙවසේ ඊසාන දිශාවේ පහන් පැලක් තනා උතුම් සූනියම් දෙවිඳු වඩම්මවා ගන්න. උතුම් ගම්භාර දෙවිඳුගේ හිස හැඩපළු 13කි. ගෙල වටා නාග මාලයකි. එක් උරහිසක කරවලුන්( සර්ප විශේෂයකි) 4 දෙනා බැගින් දෙවුරේ කරවලුන් අට දෙනෙකි. දකුණත වඩිග කඩුවකි.

වමතේ ගිනි කබලකි. වාහනය සුදු අශ්වයෙකි. පහන් පැල අසල ඇට්ටේරියා ගසක් සිටුවන්න. උතුම් දෙවිඳුට පූජාව තැබීමට පෙර තමාද පේවී ඉතා සුවඳවත්ව රාත්‍රි 9.25 ට පූජාව පවත්වන්න. පිච්ච මල් , ඇට්ටේරියා සහිත සුවඳ සුදු මල් පූජා කරන්න. පස් තෙල් පහන දල්වන්න.

කපුරු පෙති , හඳුන්කූරු දල්වන්න ඉතා භක්තියෙන් ගෞරවයෙන් පහත ස්තෝත්‍රය තුන් වරක් කියන්න. තමාගේ ප්‍රශ්නය කරදරය සුනියම් දෙවිඳුට පවසන්න. සෑම කෙම්මුර දිනෙකම 9.25ට (රාත්‍රී) පහන තැබීමට අමතක කරන්න එපා.

මෙන්න ඒ බලගතුම ස්තෝත්‍රය.

(තුන්වරක් කියන්න)

ශ්‍රී මස්තු නමෝ රාම කන්ද සේනා සමාගම

වඩිග තන්ත්‍ර මනි කන්ඨ ඔඩ්ඩි මංගල නමෝ නමහ

අග්නි කන්දන්ච හස්තේන හස්තේන වඩිග කර්තකේ

මුඛේන විෂ සර්පේන ශීර්ෂේ පංච කේෂකේ

උදරේ නාග සන්දාමි

නීලෝ තුර වාහනා සූනියම් දේවතා නාම

මහියං පාදකේ නමෝ නමහං

මෙයද හඬ ගා කියන්න

මතු බුදුවන්න පෙරුම් පුරන උතුම් ගම්භාර දෙවිදුනි, ඔබ වහන්සේගේ දාසයා වන්නාවූ මා මේ කන්නලව්ව කර ඉල්ලන්නේ, ඔබ වහන්සේට ගමක් පාසා යාතිකා කරමින් ඉල්ලනුයේ අටෝ රාශියක් දෝෂා අන්ධකාරයෙන් දුරින් භූත කර හිතට, ගතට සැපය, සතුට ලබාදී අනුකම්පාවෙන් පිනට පිහිටුවන සේක්වා!

හැඩකාර, බලකාර නම්බුකාර, මුදල් භාර, පට්ටි භාර ගම්භාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්ස, මේ සිරිලක සිව්දෙස පැතිර ගිය රෝ බිය, විපත් බිය, යක්ෂ බිය, අපස් බිය යන මෙකී දෝෂයන් දුරුකර හරින ලෙසින් සුපින්වත් ස්වාමිනී. කමාවුනි ගම්භාර දෙවියන්ට අත නොදෙන , පය නොදෙන , සිද්ධ වූ වැරැද්දට කමා වේවා! කමාවේවා! පස්වාන් දහසක් කල් රකිත්වා.

ඔබේ මුළු ජිවිතයම සර්ව ප්‍රකාරයෙන්ම යහපත් වනු ඇත.

ඔබගේ දුක්ගැනවිල්ල මේ බලගතු මොහොතේ පවසන්න උතුම් ගම්භාර දෙවියන් ඔබ දියුණුවේ හිණි පෙත්තටම රැගෙන යාවි… උන්වහන්සේට සැමදා පින් දෙන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division