287
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ සාමාජිකයන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු අත්හිටුවීමට කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගය අප්‍රේල් 2 දක්වා තව දුරටත් දීර්ඝ කර ඇත.
එසේ අධිකරණයෙන් අත්හිටුවන ලද ස්ථාවර තැන්පතු ගිණුම් සහ රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 93.125කි.
කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිය, දියණියන් තිදෙනකු සහ බෑනාගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් එසේ අත්හිටුවා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.