බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක පරිවාස හා ළමාරක්ෂක සේවා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් එහි සෞඛ්‍ය අමාත්‍යාංශයට 2017 වසරේ රුපියල් ලක්ෂ 350කට මිලදී ගත් සුපිරි ජීප් රථයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ භාවිතයට මුදා හැරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අරඹා ඇත. එසේම එම ජීප් රථය අදාළ මන්ත්‍රීවරයා විසින් පරිහරණය කරන අතරතුර 2021 වසරේ සැප්තැම්බර් 21 වැනිදා අනතුරකට පත්ව ඇති අතර, එහිදී එම රථයට බරපතළ හානි සිදුව ඇත.
ඒ වෙනුවෙන් පෞද්ගලික සමාගමකට රුපියල් ලක්ෂ 190ක් ගෙවීමට සිදුව ඇති අතර, අදාළ බිල්පත වෙනුවෙන් 2024.02.09 දින වන විට රුපියල් ලක්ෂ 140ක් ගෙවා ඇතත් ඉතිරි ලක්ෂ 50ක මුදල ගෙවා නැති අතර, එම නිසා අදාළ රථය ආපසු අමාත්‍යාංශයට භාර දී නොමැත.
විගණන වාර්තාවට පිළිතුරු ලෙස පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරි විසින් දක්වා ඇත්තේ වගකිව යුතු පාර්ශ්ව හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශයක් මත එම රථය නිදහස් කර ඇති බව වාර්තා වී ඇති අතර, එවන් රථයක වත්මන් වටිනාකම රුපියල් ලක්ෂ 600ද ඉක්මවනු ඇත. එවැනි සුපිරි පහසුකම් රථයක් ආණ්ඩුකාරවරයාගේ නිර්දේශ මත නිකුත් කළේ කෙසේදැයි යන්න ගැන නිසි විමර්ශනයක් කළ යුතුය.
තාරක වික්‍රමසේකර