Home » සාහිත්‍ය ග්‍රන්ථ රැසක් පුස්තකාල සේවා මණ්ඩලයට පරිත්‍යාග කිරීම 6 දා

සාහිත්‍ය ග්‍රන්ථ රැසක් පුස්තකාල සේවා මණ්ඩලයට පරිත්‍යාග කිරීම 6 දා

by Mahesh Lakehouse
January 4, 2025 12:29 am 0 comment

හෙළ හවුලේ හිටපු ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු මෙන්ම කුමාරතුංග මුනිදාසයන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයකු වූ දිවංගත දොණු දේවිදු මොහොට්ටි විසින් සුරක්ෂිත කරන ලද සාහිත්‍ය ග්‍රන්ථ ඇතුළු සාහිත්‍යමය වටිනාකමක් සහිත ලේඛන රැසක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පරිත්‍යාග කිරීම ජනවාරි 6 දා පෙරවරු 11.00ට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ පළවූ මුල්ම සිංහල පුවත්පත වූ ලක්මිණි පහන පුවත්පතේ මුල්ම කලාපය ඇතුළු සාහිත්‍ය ග්‍රන්ථ රැසක් පරිත්‍යාග කිරීම දිවංගත දොණු දේවිදු මොහොට්ටිගේ දියණිය වන විජායි ලක්ෂ්මී මොහොට්ටි විසින් එදිනට සිදු කිරීමට නියමිතය.

මෙහි ප්‍රධාන අනුශාසනාව අමරපුර ධම්රක්ෂිත මහ නිකායේ මහනායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමිපාණන් විසින් සිදු කරන අතර සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක ප්‍රවීණ ලේඛක බුද්ධදාස ගලප්පත්ති සහ හෙළහවුලේ නයු ශ්‍රීනාත් ගණේවත්ත ද කෙටි දෙසුම් පවත්වනු ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division