Home » නාගොඩ ශික්ෂණ රෝහ­ලට මහා­චාර්ය ඒක­ක­යක්

නාගොඩ ශික්ෂණ රෝහ­ලට මහා­චාර්ය ඒක­ක­යක්

by Mahesh Lakehouse
January 4, 2025 12:29 am 0 comment

මොර­ටුව විශ්ව­වි­ද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යා­පන ගුණා­ත්ම­ක­ත්වය සහ සාය­නික පුහු­ණුව වැඩි­දි­යුණු කිරීම සඳහා කළු­තර, නාගොඩ ශික්ෂණ රෝහලේ මහා­චාර්ය ඒක­ක­යක් ස්ථාපිත කිරී­මට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති සහ කළු­තර දිස්ත්‍රික් සංව­ර්ධන කට­යුතු සභා­පති වෛද්‍ය නලින්ද ජය­ති­ස්සගේ මූලි­ක­ත්ව­යෙන් රැස්වූ එම සංව­ර්ධන කමි­ටුව විසින් තීර­ණය කර ඇත.

මීට අම­ත­රව කළු­තර ජාතික සෞඛ්‍ය විද්‍යා­ය­ත­නයේ පුස්ත­කා­ලය ඩිජි­ට­ල්ක­ර­ණ­යට මෙන්ම කළු­තර ජාතික සෞඛ්‍ය විද්‍යා­ය­ත­නය මඟින් වස­ර­කට සෞඛ්‍ය වෘත්ති­ක­යන් 1000කට අධික පිරි­සක් පුහුණු කිරීමේ සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කිරී­ම­ටද තීර­ණය වී තිබේ.

අනා­ගත වෛද්‍ය­ව­රුන්ට හා සෞඛ්‍ය වෘත්ති­ක­යන්ට උසස් අධ්‍යා­ප­න­යක් සහ පුහු­ණු­වක් ලබා­දීම සඳහා කළු­තර ප්‍රදේ­ශය සෞඛ්‍ය අධ්‍යා­ප­නයේ කේන්ද්‍ර­ස්ථා­න­යක් බවට පත්කි­රී­ම මේ සැල­සුම් ක්‍රියා­ත්මක කිරීමේ අර­මුණ වී තිබේ.

නෙත්මි පූජනී රත්නා­යක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division