– මේ දවස්වල මම රංගනය වගේම සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා
– සල්ලි දීලවත් ගන්න බැරි පන්නරයකින් දැන් ජීවිතේ ඉදිරියට අරගෙන යනවා
සිසිර ගීකියනගේ කියන්නේ මෑත කාලයේ විකාශය වුණු සහ විකාශය වන ටෙලි නිර්මාණ රැසක එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන දක්ෂ රංගන ශිල්පියෙක්, ඔහු රඟපෑ චරිත අතර අක්ෂි නාට්‍යයේ ගුරු, ජානු හි පොඩි හාමුදුරුවෝ, මන්දාරම් කතාවේ සිල්වා, SEE YOU නාට්‍යයේ ලෝයර් ගුණසේන සෝමවංශ වගේම මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන බැක්සයිඩ් ( backside) ටෙලි නාට්‍යයේ දොලවත්ත සහ අමුතු දොස්තර හි නීතිඥවරයා ප්‍රේක්ෂක මතකයේ රැඳුනු චරිත වනවා.
මේ කාලයේ ඔබව දකින්න පුළුවන් නිර්මාණ මොනවාද?
ස්වාධීන රූපවාහිනීයේ බැක්සයිඩ් ( backside) ටෙලි නාට්‍යයයෙන් සහ රූපවාහිනීයේ අමුතු දොස්තර ටෙලි නාට්‍යයයෙන්.
ඒ ඒ නිර්මාණවල ඔබේ භූමිකාවන් ?
තම කාර්යාලයේ සේවිකාවක් වෙත අයුතු බලපෑම් කරන ප්‍රධානියෙකු සහ අමුතුදොස්තර ටෙලි නාට්‍යයයේ නීතිඥවරයෙකු ලෙස.
වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නෙ ?
Backside ටෙලි නාට්‍යයයේ දොලවත්ත කියන ආයතන ප්‍රධානියාගේ චරිතයට.
රඟපාන්න ගිහින් අමතක නොවන සිදුවීම ?
ගොඩාක් තියෙනවා. අමතකම නොවන අත්දැකීමක් ලැබුවේ ජයන්ත චන්ද්‍රසිරි සර්ගෙ දේවි කුසුමාසන ( ඉදිරියේදී තිරගත වීමට නියමිත) චිත්‍රපටයේ රූගතකිරීමක් අතරතුර අස්සයා පිටින් ඇදගෙන වැටීම. ඒක කවදාවත් මට අමතක වෙන්නෙ නැහැ.
දැන් රංගනයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
වසර පහක් පමණ කාලයක් වෙනවා.
කොහොමද රඟපාන්න අවස්ථාව ලැබුණේ?
මගේ තිබුණු ලොකුම ආසාවක් සහ බලාපොරොත්තුවක් තමයි රංගන ශිල්පියෙකු වීම. ඒකට ගොඩාක් තිර පරීක්ෂණ වලට එහෙම ගියා. ගොඩාක් වෙලාවට ඒවායෙ ප්‍රථිපලයක් ලැබුණේ නැහැ. නමුත් චාරුක දිල්හාර අරනායක කියන සහාය අධ්‍යක්ෂවරයා (වර්ථමානයේ අධ්‍යක්ෂ) හරහා රෝහණ සමරදිවාකර මහතා අධ්‍යක්ෂණය කළ ඉරුදෙනියාය ටෙලිනාට්‍යයයෙන් තමයි මුල්ම රංගනයට පිවිසුණේ. එතැනින් ආරම්භ කළ ගමන තමයි තවම මේ යන්නේ.
රඟපාන්න ලැබුණු එක ගැන අද හිතෙන්නේ?
ගොඩාක් සතුටුයි. මඟතොටේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතට ලොකු සතුටක් දැනෙනවා. විශේෂයෙන්ම ශාන් ජයරත්න අධ්‍යක්ෂතුමා බොහෝම ආදරෙන් මතක් කරනවා. ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂ ප්‍රමුඛ මා දායක වුණු නිර්මාණවල සියලුම අධ්‍යක්ෂතුමන්ලා අනෙකුත් සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් කාර්මික ශිල්පීන් බොහෝම ගරුත්වයෙන් මතක් කරනවා.
දැන් කලාව පමණද කරන්නෙ. ?
ඔව්. මම වසර 22 ක් ශ්‍රී ලංකා නාවික හමුදා තූර්‍යවාදක කණ්ඩායමේ සේවය කළා. දැන් විශ්‍රාමිකව ඉන්න ගමන් තමයි කලාව කරන්නෙ. රංගනය වගේම සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ගීත ගායනය වගේම සැක්සපෝන් වාදකයෙකු ලෙසත් වැඩ කරනවා.
පාසල් කාලය සහ ළමා කාලය?
පාසල යටියන්තොට සිරිවර්ධන ජාතික පාසල. පාසල් කාලයේ සිටම සංගීතය තමයි ප්‍රිය කළ එකම දේ. වේදිකාවේ පළමු අත්දැකීම පාසල. ඩ්‍රම්ස් වාදනය තමයි ඒ කාලෙ ආසම. ඒ කාලෙ කිරුළ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා වුණෙත් මම.
පොද්ගලික තොරතුරු කියන්න කැමති ද?
ජීවිතේ ගොඩාක් හැලහැප්පිලිවලට මුහුණ දුන්නු කෙනෙක් මම. ඒ හැම දේකින්ම සල්ලි දීලවත් ගන්න බැරි පන්නරයකින් දැන් ජීවිතේ ඉදිරියට අරගෙන යනවා .
සිනමා නිර්මාණ ගැන මතක් කළොත්?
මගේ පළවෙනිම සිනමා අත්දැකීම ඉන්දියාණු තෙලිඟු චිත්‍රපටයක් වන සයින්දවු චිත්‍රපටය විශේෂයි. ඉන්දියානු සිනමාවේ දැවැන්තම රංගන ශිල්පියෙකු වන මුඛේශ් රිශී සමඟ මා රංගනයේ යෙදුණා. ජයන්ත චන්ද්‍රසිරි සර්ගෙ දේවි කුසුමාසන. ශාන් ජයරත්නගේ සෝනා යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා.
අනුෂා රණසිංහ