එදා 1998 වර්ෂයේදී අචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන් සහ වින්ග් කමාන්ඩර් තිලක් ගුණතුංග යන් හා එක්ව අද පාසල් ක්‍රිඩා ක්ෂේත්‍රය තුළ මහා වෘක්ෂයක් සේ විරාජමානව නැඟී සිටින DSI SUPER SPORTS වොලිබෝල් තරගමාලාව පාසල් දරු දැරියන්ට දායාද. කිරිමට නායකත්වය මෙන්ම අනග්‍රාහකත්වය ලබාදුන් DSI සමාගමෙි සමිමානිය සභාපති දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මැතිතුමාගේ අභාවය පිළිබදව ශ්‍රී ලාංකේය වොලිබෝල් පවුලේ සාතිශය සංවෙිගය.
තමන් රෝපණය කල DSI SUPER SPORTS Volleybal නමිවු වෘක්ෂය පුරා වසර 22ක්.තිස්සේ තමන්ගේම දරැවෙකු සේ රැක බලා ගනිමින් ඒ තුළින් අද ජාතික පිරිමි හා කාන්තා හා ජ්‍යේෂ්ඨ කණ්ඩායමි නියෝජනය කරන සියලුම ක්‍රිඩක ක්‍රිඩිකාවන් රටට දායාද කිරිමට නන්දදාස රාජපක්ෂයන් ලබාදුන් සේවය මිල කළ නොහැකිය. එසේම එතුමා අපේ ජාතික ක්‍රීඩාවේ යුගයක් නිර්මාණය කල යුග පුරැෂයකු සේ සැමදිනම මතකයේ රැඳී සිටනු ඇත.
තම ආයතනය හරහා ක්‍රීඩාවට අනුග්‍රාහකත්වය දැක්වූවා පමණක් නොව, ක්‍රීඩාව කරන අයගේත්, ක්‍රීඩාව කරවන අයගේත් ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටිමින් විශේෂයෙන් වොලිබෝල් ක්‍රීඩාව පෝෂණය කළ ආකාරය එතුමා තුළින් දුටු තවත් සුවිශේෂත්වයකි. රටේ දේශිය ආයතනයක් වශයෙන් අපේ ජාතික ක්‍රිඩාව පෝෂණය කරමින් පාසල් ක්‍රිඩාවෙි මෞලි මංගල්ලය රටට හදුන්වා දුන් දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මැතිදුනි. ඔබට නිවන්සුව.
සටහන – සුසිල් රණසිංහ. හිටපු ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය