ඉන්දියාවේ නිහොන්සිකි කරාතේ (Nihonsiki Karate)සංගමය හා ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ 46 වැනා ඉන්දීය කුබුඩෝ (kubudo)කරාතේ පුහුණු කඳවුර හා 2024 කරාතේ ශූරතාවලිය ඉන්දියාවේ මුම්බායිනුවරදී පසුගිය 25 දා සිට 29 දා දක්වා පැවති අතර, ඊට සහභාගි වූ මිනුවන්ගොඩ කලාපයේ දෙවලපොල ආනන්දීය පාසලේ සිසුසිසුවියෝ හා හුනුමුල්ල මහා විද්‍යාලයේ සිසුහු රන් පදක්කම් දිනාගැනීමට සමත් වූහ. මෙහිදී සදෙව් ඉඳුවර ක්‍රීඩකයා ‘කාතා’ අංශයේ රන් පදක්කම සහ ‘කුමිතේ’ අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත් වූ අතර, ගෞරි ශෂිප්‍රභා ක්රිඩිකාව ‘කාතා’, ‘කුමිතේ’ අංශ දෙකෙහිම රන් පදක්කම් දිනාගත්තාය. තවද අයෝධය හිරුෂාන් ක්‍රීඩකයාද ඒ අංශ දෙකෙහිම රන් පදක්කම් දිනාගැනීමට සමත්විය.
මේ තරගාවලිය සඳහා ඉන්දියාවේ මුම්බායි, කොල්කටා, හර්යානා, පන්ජාබ්, කර්ණාටක, ගුජරාට් හා තමිල්නාඩු ඇතුළු ප්‍රාන්ත රැසකින්ම කණ්ඩායම් සහභාගි විය.