නීති විරෝධි මත්පැන් හෙවත් කසිප්පු ජාවාරමට එරෙහිව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව දෛනිකව රට පුරා වැටලීම් සිදු කරමින් සිටියි. ඒ අනුව ඉකුත් දා පොලොන්නරුව පොලිස් කොට්ඨාසයේ සිරිපුර පොලිසියෙන් ද මහා පරිමාණ කසිප්පු ජාවාරමක් කොටුකර ගත්තේ ඊට අදාළ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගනිමිනි. එම නීති විරෝධි මත්පැන් ජාවාරම කොටුකර ගත් ආකාරය මෙලෙසිනි.
පොලිස් නිලධාරීන් මෙන්ම ගම්වැසියන් ද නිෙවසට පැමිණීම වළක්වා ගැනීම සඳහා සුනඛයකු මුර ආරක්ෂකයකු ලෙස යොදවමින් මෙම කසිප්පු ජාවාරම සිදුකර තිබිණි. සිරිපුර, කළුකැලේ, ගල්කන්ද ප්‍රදේශයේ නිවසක් ඇතුළෙහි කාලයක් තිස්සේ ඉතාම රහසිගතව එම ජාවාරම සිදුකර තිබිණි. වැටලීම සිදුකළ සිරිපුර පොලිසියේ නිලධාරීන් විසින් එම හොර මත්පැන් ස්කාගාරය වටලා ගෝඩා බැරල් 3ක්, ගෝඩා මිලී ලීටර් 540,000ක්, කසිප්පු ස්ප්රිට් මිලි ලීටර් 45,000ක්, කසිප්පු පෙරීම සඳහා උපයෝගී කරගත් දඟරයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේ පසුගිය දිනෙකය. අත්අඩංගුවට ගත් පුද්ගලයා නිෙවස වටා ආරක්ෂක තාප්පයක් ඉදිකර ගම්වැසියන් සහ පොලිස් නිලධාරීන් පැමිණීම වළක්වාලීමට සුනඛයකු ද නිෙවසේ ඇතිකරන බව ද වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු සඳහන් කළේය. සිරිපුර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව මෙම සැකකරුගේ නිෙවස වටලා තිබේ.
වැටලීම සිදුකළ දින පෙරවරුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂගේ දුරකතනය නාද විය. නාඳුනන පුද්ගලයකු විසින් දෙනු ලැබූ දුරකතන ඇමතුමට සවන් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ පළමුව ඇමතුම්කරුගෙන් තොරතුරු විමසන්නට විය.
“සර්… මම කතා කළේ පොඩි ඉන්ෆොමේෂන් එකක් දෙන්න… ගෙයක් ඇතුළේ කෙනෙක් මහා පරිමාණයෙන් කසිප්පු පෙරනවා. තොග පිටින් විකුණනවා. කවුරුත් මේ ගෙදරට යන්නේ නෑ… මොකද දන්නව ද? ඒ ගෙදර මිනී කන බල්ලෙකුත් මුරට ඉන්නවා. සර්ලත් බලාගෙන යන්නේ…” යැයි ඔත්තුකරු කීවේය.
ජාවාරම්කරුගේ නිෙවසට යන ගමන් මාර්ගය හරියටම සොයාගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ එහිදී ක්‍රියාත්මක විය. සිරිපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ වැටලීම සිදුකිරීමට පොලිස් නිලධාරීන් පිටත් වූයේ අලුයම් කාලයේය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි චානුක ද සිල්වා යන නිලධරයන්ගේ උපදෙස් ද මේ සඳහා ලැබිණි.
නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුගේ නිෙවස අසලට යෑමට පැයක පමණ කාලයක් පොලිස් නිලධරයන්ට ගතවිය. සැකකරු නිවස ඇතුළට වී දොර වසාගෙන සිටින නිසා නිවෙස් අයිතිකරු දොර විවෘත කරන තෙක් පොලිස් නිලධාරීන්ට පැයක පමණ කාලයක් නිෙවස වටා රැකවල් දමා සිටීමට සිදුවිය.
නිෙවසේ සිටි සැකකරු දොර විවෘත කරගෙන එළියට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔහු අල්ලාගෙන සුනඛයා බැඳ දමන ලෙස නියෝග කළ අතර සුනඛයා බැඳීමෙන් පසු නිෙවස තුළට ඇතුළු වූ පොලිස් නිලධරිහු නිෙවස පරික්ෂා කළහ.
නිෙවස ඇතුළත ගෝඩා පෙරීමට විශාල ජල ටැංකියක් සාදා, ගෑස් සිලින්ඩරයක් උපයෝගී කරගෙන නවීන තාක්ෂණික උපකරණ මඟින් කසිප්පු පෙරමින් තොග මිලට විකුණමින් සැකකරු මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිස් නිලධාරීන්ට වැටහුණි. එලෙස එම ජාවාරම කලෙක සිටම සිදුකර තිබිණි.
මෙම වැටලීමේදී නිෙවස ඇතුළත තිබුණු ගෝඩා බැරල් 3ක්, ගෝඩා මිලි ලිටර් 540,000ක්, කසිප්පු ස්ප්රිට් මිලි ලීටර් 45,000ක්, කසිප්පු පෙරීම සඳහා උපයෝගී කරගත් උපකරණ, ගෑස් සිලින්ඩරයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා, වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා යන නිලධරයන්ගේ උපදෙස් පරිදි සිරිපුර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.එස්.අයි. රාජපක්ෂ, සැරයන් (43049) ලක්සිරි, කොස්තාපල්වරුන් වන (67183) නිමල්, (82645) තිලකරත්න, (83860) නුවන්, (87968) සංජීව යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබුණි. සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කර නඩු පැවරීමට සිරිපුර පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇත.
ඇළහැර - සරත් වෙලගෙදර