අපරාධයක් කළොත් නීතියෙන් මෙන්ම ස්වභාවධර්මයෙන් ද දඬුවම් ලැබෙන බව පරම සත්‍යයයි. මේ කතාවෙන් කියැවෙන සිදුවීමේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ අපරාධකරුට ද නීතියෙන් දඬුවම් ලැබෙන්නට පෙර ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබුණේ ඔහු සිදු කළ ම්ලේච්ඡ ඝාතනයේ මතකය එම ප්‍රදේශයේ ජනතාවගේ සිත්වලින් පහව යන්නටත් මත්තෙනි.
මේ සිද්ධිය වාර්තා වන්නේ බදුල්ල පොලිස් කොට්ඨාසයට අයත් හාලිඇළ පොලිස් වසමෙනි. එම ඝාතනය සිදු වන්නේ 2022 වසරේ මාර්තු 08 වැනිදා දහවල් කාලයේය. එදින ලෝක කාන්තා දිනය ද සැමරෙද්දී යොවුන් වියට පා තැබීමට ඔන්න – මෙන්න සිටි යුවතියක වන 18 හැවිරිදි ධර්මරාජා ලිදියා ඝාතනය වන්නේ ඇගේ හිසට පොරෝ පහර දී ඉතා අමානුෂික ලෙසිනි. ඒ, ඇගේ ආදරය පතා පැමිණි දිවාකරන් නමැති 32 හැවිරිදි පුද්ගලයා අතිනි.
වසර දෙකකට පමණ පෙරදී සිදුවූ එම ඝාතනය ගැන ප්‍රදේශවාසීන් අතර යළි කරළියට පැමිණෙන්නේ ලිදියා ඝාතනයේ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබියදී දිට්ඨධම්මවේදනීය කර්මය පල දෙමින් චුදිත දිවාකරන් ද ඉකුත් දිනෙක මෙලොවින් සමුගත් හෙයිනි. ඒ ඔහුගේ හිසේ පිළිකාවක් ද හටගෙන දුක් විඳිමින් සිටියදී සියදිවි හානි කරගැනීමේ අටියෙන් දුම්රියට පැන්න ද ඔහු මරණයට පත් නොවුවත් හිසට බරපතළ හානි සිදුවිය. අනතුරුව දිවාකරන් ඉකුත් දා මරණයට පත් වූයේ හිසට සිදුවූ බරපතළ හානි නිසා රෝහලේ මාස ගණනාවක් දුක් විඳීමෙන් අනතුරුවය.
දිවාකරන් අතින් ම්ලේච්ඡ ලෙස ඝාතනය වූ ධර්මරාජා ලිදියා හාලිඇළ දෙමළ මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. වසර දෙකකට පෙරදී සිදුවූ ඇගේ ඝාතනයේ අනුවේදනීය කතාව හාලිඇළ පොලිස් පොත්වල සටහන් වන්නේ මෙසේ ය.
ලිදියාගේ මව මුත්තුරාජ් මලර්ය. පියා 56 හැවිරිදි කරුපයියා ධර්මරාජාය. එම යුවළ හාලිඇළ උඩුවර තේ වත්තේ කම්කරු රැකියාවල නිරත වූහ. ලිදියාට වැඩිමල් සහෝදරයෙක් ද සිටියේය. ඔහු බදුල්ල නගරයේ හෝටලයක සේවය කළේය. ලිදියා ඉගෙනුමට හපන්කම් පෑ සිසුවියක ද වූවාය. ඇය පාසලේ බාලිකා ශිෂ්‍යභට කණ්ඩායම ද නියෝජනය කළාය. ඇගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් දිනාගෙන උසස් රැකියාවක නිරත වීමය.
පාසල් සිසුවියක වුවද ලිදියා රූමතියක් වූවාය. 32 හැවිරිදි වියේ පසුවූ රාමයියා දිවාකරන් එතරම් අධ්‍යාපනයක් නොලත් තරුණයෙකි. ඔහුගේ මවුපියන් ද උඩුවර වත්තේ කම්කරුවන් ලෙස රැකියාව කළේය. ඔහුට බාල සොහොයුරෙක් ද සිටියේය. දිවාකරන්, ලිදියාගේ නිවස පිහිටි ලයිමේම ඇගේ නිවෙසේ සිට නිවෙස් දෙකකට එපිටින් නිවෙසේ පදිංචිව සිටියේය. දිවාකරන් හාලිඇළ, 7 කණුව හෝටලයක කම්කරුවකු ලෙස සේවය කළේය. ලිදියා සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගැනීමට දිවාකරන් සෑම විටම උත්සාහ කළේය. ඒ වසර තුනක පමණ කලක සිටය. එම කාලය තුළදී දින කීපයක් කුලුපගව සිටින දෙදෙනා නැවත හිටිහැටියේම අමනාප වූහ. නැවත හිතවත් වූහ. එය දිවාකරන්ට ඉමහත් ගැටලුවක් වී තිබිණි. දිවාකරන් සිතුවේ ලිදියාගේ එම හැසිරීමට අනුව ඇයට වෙනත් සබඳතාවක් හෝ ඇති ද යන්නය.
කෙසේ හෝ ලිදියා සහ දිවාකරන් අතර වසර 15ක පමණ පරතරයක් තිබූ හෙයින් දෙදෙනාගේ සබඳතාවකට ලිදියාගේ වැඩිහිටියන්ගේ ද මනාපයක් නොතිබිණි. දිනක් ලිදියා තමා සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගැනීමට දිවාකරන් දරන උත්සාහය ගැන මවුපියන්ට ද පැවැසුවාය.
“අම්මේ… මට දිවාගෙන් බේරෙන්න බෑ… ඒකා මාත් එක්ක යාළු වෙන්න එනවා… මං යන හැමතැනම පස්සෙන් එනවා… ඇත්තටම දිවා මට මහ කරදරයක් අම්මේ… සමහරදාට ඉස්කෝලේ ගාවටත් එනවා…“ යැයි ඇය මවට කීවාය.
ඒ සමඟ ලිදියාගේ මවුපියෝ ද දිවාකරන්ට දැඩි විරෝධයක් පෑහ. විශේෂයෙන් ම ලිදියා ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වූ හෙයින් එම විරෝධය තව තීව්ර විය. 2021 වසරේ අගෝස්තුවේ දිනෙක ලිදියාගේ මවුපියන් සහ සහෝදරයා සමඟ දිවාකරන් ගැටුමක් ද ඇති කරගත්තේය. ඒ, දිවාකරන් ලිදියාගේ ‘පස්සෙන්‘ ඒමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ හේතුවෙන් දිවාකරන් විසින් ලිදියාගේ පියා වන කරුපයියා ධර්මරාජාට සහ ලිදියාගේ සහෝදරයා කුමාර්ට පිහියකින් කෙටුවේ ඔවුනගේ නිෙවසටම පැමිණෙමිනි.
ඒ පිළිබඳව හාලිඇළ පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් වීමත් සමඟ හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක විසින් එම පැමිණිල්ල විභාග කරමින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දිවාකරන් දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. අනතුරුව නඩු විභාගය සිදු විය. එම නඩුවේ වැඩිදුර විභාගය හාලිඇළ සමථ මණ්ඩලයට යොමු කිරීමත් සමඟ සමථ මණ්ඩලයෙන් දෙපාර්ශ්වය සමථයකට පත්කළේ ද රුපියල් 50,000ක වන්දියක් කරුපයියා ධර්මරාජාට සහ ලිදියාගේ සහෝදරයාට ගෙවන ලෙස දිවාකරන්ට නියෝග කරමිනි. ඒ වාරික දෙකක් ලෙසිනි. එහි පළමු වාරිකය වන රුපියල් 25000 ගෙවීමට නියමිතව තිබුණේ 2022 වසරේ මාර්තු 13 වැනිදා ඉරිදාය. දෙවැනි වාරිකය ඊට සති දෙකකට පසුවය. එය එලෙස සමථයකට පත් වූයේ නැවත කිසි දිනෙක තමන්ගෙන් ලිදියාට හෝ පවුලේ අයට කිසිම කරදරයක් ද නොවන බවට දිවාකරන් ඔවුනට දිවුරා පොරොන්දු වීම නිසාය.
ඒ කෙසේ වුවද ලිදියා තමා සමඟ ස්ථිර ප්‍රේම සබඳතාවකට නොපැමිණෙන්නේ ඇය ඉගෙනුම ලබන පාසලේ සිසුවෙකු සමඟ හෝ කිසියම් සබඳතාවක් පවත්වනවා යැයි යන සැකය මෙන්ම වෛරය ද දිවාකරන්ගේ සිතෙහි පැලපදියම් වී තිබිණි. එම වෛරය දෙගුණ තෙගුණ වූයේ ඔහුට මේ කාරණය නිසා ලිදියාගේ පවුලේ අයට වන්දියක් ද ගෙවීමට සිදුව තිබීම නිසාවෙනි. කොරෝනා සමය නිසා පාසල් නිවාඩුව ද පැවැති හෙයින් ලිදියා සිය වතු නිවාස පේළියේ එහෙ-මෙහෙ ඇවිදිද්දී දිවා හමුවන අවස්ථාවල ඔහු නැවත ලිදියා සමඟ ඇයිහොඳයියක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළේය. පාසල් ආරම්භයත් සමඟ දිවාකරන් දිනක් ලිදියා මුණගැසීමට පාසල අසලට ද ගොස් සිටියේය. එහෙත් එදින ඇය පාසල් නොපැමිණියාය.
දිනය 2022 වසරේ මාර්තු 8 දාය. එදින ලිදියා පාසල් යාම සඳහා සුදුවතින් සැරසී අලුයම 6.30ට පමණ නිවසින් පිටත් වූයේ නිවසේ සිට කිලෝමීටර් 6ක පමණ වූ දුරින් හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි හාලිඇළ දෙමළ මහා විද්‍යාලයට යාමටයි. එදින සිය දිවියේ පාසල් යන අවසන් දිනය මෙන්ම තමාගේ ජීවිතයේ අවසාන දිනය යැයි ඇය සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ලිදියා පාසල නිම වීමෙන් පසු එදින සවස 1.30ට පමණ බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වන බසයකට ගොඩ වූයේ සිය නිවසට යාමටය. ඇය සුපුරුදු පරිදි බසයෙන් බැස්සේ උඩුවර වත්ත, හතේ කණුව බස් නැවතුමෙනි.
අනතුරුව ඇය පා ගමනින් නිවසට යාමට තිබෙන කඳුකර මාර්ගයක් වන වලස්බැද්ද මාර්ගයේ නිවස බලා පිය මැන්නාය. එදින ඇගේ අවාසනාවක මහිමය නම් බසයෙන් බැස එම මාර්ගයේ පා ගමනින් යාමට කිසිවෙක් නොසිටීමයි. මාර්ගය දෙපස තේ පඳුරුවලින් ගහන තේ වත්තෙහි ඇයට ගමන් කිරීමට හැකි වූයේ මීටර් 400ක් පමණ දුරකි. සිත්පිත් නැති මාරයා ලිදියාගේ ජීවිතය බිලි ගැනීමට මඟ රැක සිටියේ වෛරයේ ගිනිදැල්වලින් පිච්චෙමිනි. තේ පඳුරු අතර සිටි එම මාරයා වෙනකකු නොව දිවාකරන්ය. ඔහු එලෙස සිටියේ පොරොවක් ද අතැතිවය. පා ගමනින් එන ලිදියා වෙත දිවාකරන් එක්වරම කඩා පැන්නේ පොරොව ද අතැතිව මරාවේශයෙනි.
ඒ සමඟම දෙදෙනා අතර බහින්බස් වීමක් ද සිදු විය. එය දුරදිග යාමත් සමඟ දිවාකරන් අතේ තිබූ පොරොවෙන් ලිදියාගේ හිස දෙබෑ වෙන්නට පහර දුන්නේය. පාසල් නිල ඇඳුම තම රුධිරයෙන් නහවමින් ඇය කපාහෙළු කෙසෙල් කඳක් සේ ඇද වැටුණේ කුඩා කල සිට ආගිය මාර්ගය ද රුධිරයෙන් තෙත් කරමිනි. එසේ ඇද වැටුණු ලිදියාගේ හිසට තවත් පොරෝ පහර කීපයක් එල්ල කළ දිවාකරන් පොරොව තේ වත්තට විසිකොට පලා ගියේ ඒ මොහොතේ එම ස්ථානයෙන් ගිය බිස්කට් ලොරියේ අයගේ කෑගැසීමට බිය වෙමිනි. එහෙත් ඒ බිස්කට් ලොරියේ අය ඒ ගැන කිසිවක් පොලීසියට පවසා තිබුණේ නැත. එහෙත් එදින සවස 2.30ට පමණ දහවල් ආහාරය සඳහා යමින් සිටි උඩුවර වත්ත ලයිම් අංක 13 හි කංකානම වන වේළු පෙරියසාමි ලිදියාගේ සිරුර දැකීමෙන් ඔහු තුෂ්නිම්භුත විය. ඒ සමඟම ඔහු ලිදියා හඳුනාගත්තේ ඇය ඒ වන විටත් උඩුවර වත්තේ කා අතරත් හොඳහිත දිනාගත් හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකරන දරුවකු ලෙස ප්‍රචලිතව සිටි හෙයිනි.
“අනේ දෙයියනේ… මේ කරුපයියගේ දුවනේ…“ ඔහුට කියැවුණේ එපමණකි. වේළු සැණින් ලිදියාගේ මරණය ගැන සැල කර සිටියේ ලිදියාගේ පියා සමඟ එක්ව රැකියාව කරන මිතුරෙකුටය.
උඩුවර වත්ත පහළ කොටස මාර්ගයේ පාසල් සිසුවියක නිල ඇඳුමින්ම ඝාතනයකොට සිටින වග අවට ගම් සිසාරා ලැව්ගින්නක් සේ පැතිර යන්නට ගත වූයේ නිමේෂයකි. මිනිත්තු ගණනක් යද්දී ලිදියාගේ සිරුර තිබූ ස්ථානයට උඩුවර වත්තේ පමණක් නොව අවට ගම්වාසීන් සිය ගණනක් රැස්වෙමින් කඳුළු පිරි දෙනෙතින් පසු වූයේ ‘අනේ අපොයි‘ කියමිනි.
ඒ අතරේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ එම ඝාතනය හාලිඇළ පොලිසියට ද සැලවිණි. හාලිඇළ පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලකගේ මෙහෙයවීමෙන් එවකට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. දයානන්ද ඇතුළු නිලධරයෝ එම ස්ථානයට ගොස් විමර්ශන ඇරඹූහ. හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එවකට බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ වර්තමාන බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත විමර්ශන කණ්ඩායම් කීපයක්ම යොදවමින් ලිදියාගේ ඝාතකයා කොටු කර ගැනීමට විමර්ශන සිදු කරන ලදි.
ඒ අතර ඇගේ සිරුර තිබූ ස්ථානය අවට පරීක්ෂාවේදී පොලිස් නිලධාරින් විසින් තේ වත්තේ තිබී ඝාතනයට යොදාගත් පොරොව ද සොයා ගන්නා ලදි. ලිදියාගේ මවුපියන්ගේ ප්‍රකාශවලින් හෙළි වූයේ ඝාතකයා දිවාකරන්ම විය යුතු බවය.
පසුදා එනම් 2022 වසරේ මාර්තු 9 වැනිදා පෙරවරුවේ ඝාතක සැකකරු දිවාකරන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කරන බවට පොලීසියට සැලවී තිබිණි. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරද්දී පොලිසියෙන් ගැලවීමක් නැති වග දත් දිවාකරන් හාලිඇළ පොලිසියට පැමිණ භාර විය.
“සර්… මං කෝච්චියට පනින්න හැදුවේ… ඒත් මම රේල් පාරේ ඉන්දැද්දි කෝච්චියක් ආවේ නෑ.. පස්සේ මං හිතුවා පොලීසියට ගිහිල්ලා භාර වෙනවා කියලා…“ යැයි දිවාකරන් පොලිස් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කළේ සියදිවි නසා ගැනීමට සිතුණ ද තවදුරටත් ජීවත්වීමට ද ඔහුට ආසාවක් තිබූ හෙයිනි.
දෙමෝදර මහ විද්‍යාලයෙන් 9 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හැදැරූ දිවාකරන් 32 හැවිරිදිය. ඔහුට වඩා ලිදියා වසර 14ක් පමණ බාලය. පොලිස් නිලධාරින් දිවාකරන්ගෙන් දිගින් දිගට ප්‍රශ්න කළේ නිරපරාදේ ලිදියා ඝාතනය කළේ කුමක් නිසා ද යන්න විමසමිනි.
“සර්… මං ලිදියාව බය කරන්නයි පොරොවක් තියාගෙන හැංගිලා හිටියේ… ඒත් ඒ වෙලාවේ අපි දෙන්නා අතරේ රණ්ඩුවක් වුණා… එයා ඒ වෙලාවේ කියපු කතාවලට මට හොඳටම කේන්ති ගියා… මට මොනවා වුණාද දන්නේ නෑ… මං පොරොවෙන් කෙටුවා… ඒත් එක්කම බිස්කට් වෑන් එකේ අය කෑගහගෙන ගිය නිසා පොරව විසි කරලා එතැනින් පැනලා ගියා…“ යැයි දිවාකරන් ලිදියාගේ ඝාතනයේ සියල්ල පාපෝච්චාරණය කළේය.
අනතුරුව හාලිඇළ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් දිවාකරන් එවකට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් රොනාලි අබේවික්‍රම වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය, සැකකරු දිවාකරන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. පසුව සැකකාර දිවාකරන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර එකහමාරක පමණ කලක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
වර්තමාන කතාන්දරයට පිවිසෙන්නේ එතැන් සිටය. එලෙස රක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප මත පැමිණි දිවාකරන් හිටිහැටියේම අසනීප විය. ඔහුගේ අසනීප තත්ත්වය උත්සන්න වෙද්දී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළි වී තිබුණේ දිවාකරන්ගේ හිසෙහි පිළිකාවක් හටගෙන ඇති බවය.
ඔහු ලිදියා ඝාතනය කළේ ද ම්ලේච්ඡ ලෙස හිසටම පොරෝ පහර එල්ල කරමිනි. දිවාකරන්ගේ හිසේ පිළිකාවක් ඇති බව වෛද්‍යවරුත් පැවසීමත් සමඟ ඔහුගේ ජීවිතය කඩා වැටිණි. අනතුරුව ඔහු මීට මාස කීපයකට පෙරදී දෙමෝදර ආරුක්කු නවය පාලම අසල තිබෙන බිංගෙය ආසන්නයේදී දුම්රියට පැන්නේ සියදිවි හානි කරගැනීමේ අටියෙනි.
එහෙත් හාස්කමකින් මෙන් ඔහුගේ ජීවිතය ඒ මොහොතේ බේරුණ ද දිවාකරන් මාරාන්තික තුවාල ලබා තිබුණේ හිසට බරපතළ තුවාල සිදුවීම නිසාය. එදා ඔහුගේ ජීවිතය එම ස්ථානයේදී අවසන් වුණේ නම් ඔහු තව තවත් දුක් විඳින්නේ නැත. එහෙත් ලිදියාගේ හිස පොඩි පට්ටම් කොට ඝාතනය කළ දිවාකරන් තව තවත් විඳවමින් මාස කීපයක් රෝහල්ගතව සිට පසුගියදා මරණයට පත් වූයේ දුම්රියට පැනීමෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය. අවසානයේ ලිදියාගේ ශෝකජනක මරණයේ මතකය පහව යන්නටත් මත්තෙන් කළකම් මෙලොවදීම පළ දෙන්නාක් සේ මරණයට පත් දිවාකරන්ගේ මළ සිරුර ඔසවාගෙන යෑමට පමණක් නොව අවමංගල නිවසට ද ආ-ගියේ ඔහුගේ පවුලේ ද සීමිත පිරිසකි.
ඒ ඔහු කළ අපරාධයේ මහිමය කියා පාමිනි.
ඡායාරූප – ආර්. එම්. විජේරත්න හාලිඇළ සමූහ
අමිල මලවිසූරිය