Home » යූනියන් ඇෂුවරන්ස් වෙත ගෝලීය සම්මාන රැසක්

යූනියන් ඇෂුවරන්ස් වෙත ගෝලීය සම්මාන රැසක්

by Mahesh Lakehouse
January 11, 2025 12:31 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, සම්භාවනීය ගෝලීය ඇගයුම් රැසක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය යළිත් වරක් තහවුරු කර ඇත.

Gazet International වාර්ෂික සම්මාන උලෙළේ දී ‘Most Innovative Life Insurance Service Provider Sri Lanka-2024′ ලෙස මෙන්ම, Global Brands Magazine සම්මාන උලෙළේදී ‘Most Digitally Forward Life Insurer 2024’ සහ World Economic Magazine Awards සම්මාන උලෙළේදී ‘Most Loved Insurer Brand Sri Lanka-2024’ ලෙසද මෙම සමාගම ගෞරව ප්‍රණාමයට පාත්‍ර විය. මෙම ඇගයීම් මඟින් පිළිබිඹු වන්නේ නව්‍යකරණය, තාක්ෂණය සහ සුවිශේෂ පාරිභෝගික සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ජිවිත රක්ෂණ ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක්කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සතු නොසැලෙන කැපවීම ය.

මේ පිළිබඳ අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් අප, සෑම අයකුටම සුවිශේෂ වන ගමන් මාර්ගවලට සහාය සැපයීමට කැප වන්නේ ප්‍රගතිය ලැබීම සඳහා අවශ්‍ය ශක්තිමත් භාවයෙන් සහ විශ්වාසයෙන් ඔවුන් සවිබල ගන්වමින්. අපේ පාරිභෝගිකයින්ගේ පිරිපුන් සුවසෙත සමස්ත වශයෙන් ඉහළ නංවන විසඳුම් සැලසුම් කිරීමට සහ පිරිනැමීමට මේ කැපවීම මඟින් අපව යොමු කරනවා…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division