ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, සම්භාවනීය ගෝලීය ඇගයුම් රැසක් හිමිකර ගනිමින් ක්ෂේත්රය තුළ සිය ස්ථාවරය යළිත් වරක් තහවුරු කර ඇත.
Gazet International වාර්ෂික සම්මාන උලෙළේ දී ‘Most Innovative Life Insurance Service Provider Sri Lanka-2024′ ලෙස මෙන්ම, Global Brands Magazine සම්මාන උලෙළේදී ‘Most Digitally Forward Life Insurer 2024’ සහ World Economic Magazine Awards සම්මාන උලෙළේදී ‘Most Loved Insurer Brand Sri Lanka-2024’ ලෙසද මෙම සමාගම ගෞරව ප්රණාමයට පාත්‍ර විය. මෙම ඇගයීම් මඟින් පිළිබිඹු වන්නේ නව්‍යකරණය, තාක්ෂණය සහ සුවිශේෂ පාරිභෝගික සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ජිවිත රක්ෂණ ක්ෂේත්රය විප්ලවීය වෙනසකට ලක්කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සතු නොසැලෙන කැපවීම ය.
මේ පිළිබඳ අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් අප, සෑම අයකුටම සුවිශේෂ වන ගමන් මාර්ගවලට සහාය සැපයීමට කැප වන්නේ ප්‍රගතිය ලැබීම සඳහා අවශ්‍ය ශක්තිමත් භාවයෙන් සහ විශ්වාසයෙන් ඔවුන් සවිබල ගන්වමින්. අපේ පාරිභෝගිකයින්ගේ පිරිපුන් සුවසෙත සමස්ත වශයෙන් ඉහළ නංවන විසඳුම් සැලසුම් කිරීමට සහ පිරිනැමීමට මේ කැපවීම මඟින් අපව යොමු කරනවා…”