AIA ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, 2025 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය අධ්යක්ෂ මණ්ඩලයේ නව සභාපති ලෙස බිස්වා ප්රකාෂ් මිස්රා මහතා පත් කර තිබේ.
2013 වසරේ සිට AIA සමූහයේ ඉහළ කළමනාකාරිත්වය ද නියෝජනය කරන බිස්වා මහතා මෙම නව තනතුර සඳහා ප්‍රවේශ වන්නේම පරිණත අත්දැකීම් සම්භාරයක් ද සමඟින් ය. AIA සමූහයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස ඔහු සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී මෙන්ම, ජීවිත මෙහෙයුම් නිලධාරී ලෙසත් කටයුතු කරයි. එමෙන්ම, බිස්වා මහතා AIA සමූහයේ, නවසීලන්ත ව්‍යාපාර මෙහෙයුම් පිළිබඳවත් වගකීම් දරන අතර සමූහය තුළ සමාගම් කිහිපයකම අධ්යක්ෂ ධූර ද හොබවයි. රක්ෂණ ක්ෂේත්රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිත ප්‍රවීණ තාක්ෂණ වෘත්තිකයකු වන ඔහු AIA සමූහය පුරාවට තාක්ෂණික දියුණු කිරීම්, ඩිජිටල්කරණය සහ විශ්ලේෂණ පරිවර්තනයට මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබඳ සුවිශේෂී නායකත්වයක් ගෙන කටයුතු කර ඇත. ඔහුගේ වසර 25ක වෘත්තීය ජීවිතය තුළදී ආසියාවේ විවිධ රටවල සංකීර්ණ වූ බහු වෙළෙඳපොළ තොරතුරු තාක්ෂණ කණ්ඩායම් මනා සාර්ථකත්වයකින් යුතුව හසුරුවමින් කළමනාකරණය කිරීමේ ගෞරවය ඔහු සතු වේ.