ඩයලොග් ආසිආටා පීඑල්සී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාන්තාවන් සවිබල ගැන්වීමේ මූලධර්ම (WEPs) ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවෙයි. එම මුලධර්ම සදහා අත්සන් තබන පාර්ශ්වයක් ලෙසින්, ඩයලොග් විසින් අනුගමනය කරන DEI මූලධර්මවලටද (විවිධත්වය, සමානාත්මතාවය, සහ අන්තර්කරණය) අනුකුලව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන, විවිධත්වයෙන් හා අන්තර්කරණයෙන් යුතු රැකියා පරිසරයක් පවත්වාගෙන යාම සඳහා සිය සමාගමේ කැපවීම යළිත් තහවුරු කරයි.
රැකියා ස්ථානය තුළ මෙන්ම, වෙළෙඳපොළ සහ ප්‍රජාව තුළ කාන්තාවන් සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීමට ඩයලොග් අඛණ්ඩව උත්සාහ දරන අතරම, එම ප්‍රයත්නයන් සමඟ මෙම මූලධර්ම ආරක්ෂා කිරීමේ සන්ධිස්ථානයට එළැඹෙන ඩයලොග්, කාන්තාවන් සවිබල ගැන්වීමේ මූලධර්ම (WEPs) හතට අනුකූලව, සමාගමේ කටයුතු මෙහෙයවනු ලබයි. ඒ අනුව, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සාධාරණව සැලකීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යය, ආරක්ෂාව මෙන්ම, වෘත්තීය සංවර්ධනය සඳහා වැඩි වැඩියෙන් කටයුතු කිරීමට ඩයලොග්හි අවධානය යොමු වී තිබේ.