Home » CBL සමපෝෂ 13 වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය බලගන්වයි

CBL සමපෝෂ 13 වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය බලගන්වයි

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලිය 2025 ජනවාරි සහ පෙබරවාරි මාසයන්හිදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා පාසල් පාපන්දු තරගකරුවන් 12,000 කට අධික ප්‍රමාණයක් සහභාගී වේ. දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32 කදී, බාලක කණ්ඩායම් 492 ක් සහ බාලිකා කණ්ඩායම් 118 ක් මේ සඳහා සහභාගී වනු ඇත. තරගාවලියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රාහක බාලක කණ්ඩායම් 32 ක් සහ බාලිකා කණ්ඩායම් 28 ක් වව්නියාව කේන්ද්‍ර කර ගනිමින් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය.

තරගාවලියේ පළමු වටයේ තරග ජනවාරි මස 1 දා සිට ආරම්භ වූ අතර දෙවන වටයේ තරග පෙබරවාරි 1, 2 සහ 3 වව්නියාවේදී ආරම්භ වීමට නියමිතය. බාලක, බාලිකා දෙඅංශයේම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල් රකින්නා සඳහාද විශේෂ ඇගැයීම් හා සම්මාන තරඟාවලිය අවසානයේ පිරිනමනු ලබයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division