Home » කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි 

කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි 

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගෙන ඇති බව නිවේදනය කරයි.

සමාගම් දෙක විසින් අස්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම හා වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට මඟ පාදයි. මෙම ගිවිසුම යටතේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට Ag Star මඟින් 5%ක වට්ටමක් මෙන්ම ඉදිරි ගැනුම්කරුවන් සඳහා නොමිලේ උපදේශන සේවා සහ එම පද්ධති ස්ථාපනය කිරීම නොමිලේ සිදු කිරීම වැනි සේවා ලබා දෙනු ඇති බව බැංකුව පවසයි. සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවලින් නිරවද්‍ය ජල සම්පාදනය, පාංශු කළමනාකරණය සහ පළිබෝධ පාලනය සඳහා මෙවලම් සපයන බැවින් දේශගුණික විචල්‍යතාවයන්ට අනුවර්තනය වීමට ගොවීන්ට හැකියාව ලැබෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division