Home » කවි සිළුමිණ

කවි සිළුමිණ

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

මොහො­තයි

හිරි­වැ­ටුණු රත් කොපුල් පත්‍ර සඟ­වනු කෝම
මියැ­දීම නොවෙයි ඒ, ජීවි­තය ඇර­ඹීම
පෙති අගිසි ඉදි­මු­ණත් ප්‍රථම ශීතල රෑම
නාඬන්න පැන්සි මල්! සංසාරෙ දුක් බෝම
රෝස හිප්ස් කැකුළු කිම සාංකා­වෙන් තැවෙන
නොදු­ටු­වෙද මල් පලව ගැබ මුල්ව පෙම රැකෙන
රතුම රෝවන් පොකුරු ඉපල් අග පණ ගැහෙන
ඍතු­වක්ය කිය­න්නෙත් එක මොහො­ත­කට ගෙවෙන

ගංගා කඩ­වැ­ද්දුව


ලසන්ත කවි­යක් ලිය­නව

පිනි බිඳු එක දෙක වැටෙ­නව
රැ සඳ ගොළුවී හිඳි­නව
සේපා­ලික මල් වැටෙ­නව
ලසන්ත කවි­යක් ලිය­නව
ඔහු කවු­ළුව හැර තැබුවා
දසත සුළං ⁣එහි හැමුවා
උල­මකු ඉඳ­හිට හැඬුවා
බස්සකු හුම් නද නැඟුවා
කිසිම පාට­කට ගැති නැති
ජාති බේද කුල මල නැති
වාරණ මුඛ­වා­ඩම් නැති
එම කව ගෙන එයි මනු ගති
මනු­සත් බව හදින් පිදූ
සුදු කමි­සය ලෙයින් තෙමූ
මුදු කට­හඬ නිහඬ කෙරූ
සාපෙන් ගල් වෙලා කඳූ
කොතැ­න­කදෝ අව­නී­තිය
කොතැ­නද දූෂණ ඝාතන
කොත­නද යුක්තියෙ මර­ණය
අවදි වුණා ඒ පන්හිඳ
හද­ව­තින්ම එන දයාව
පිළි­බිඹු කළ මුදු ලතාව
අම­තක වෙ ද කාට කාට
මුව පිරි සුන්දර සිනාව

පාලිත සේනා­රත්න


මිනි­සුන් පිරුණු වීදිය

දිය ඉසි­න්නට ගියෙමි
ගෙමි­දුල මල්ව­ලට…
එවි­ටම
පොද වැස්සක් වැටුණි…
මාවත නොපෙ­නු­ණෙන්
නතර වූයෙමි ‍රාත්‍රියේ
එවි­ටම
අහ­සෙහි සඳ නැඟුණි…
තනි­ක­මක් දැනු­ණෙන්
වට­පිට බැලූ­වෙමි
අසල
ගී ගය­මින් ගේ කුරු­ල්ලෙකි…
මිනි­සුන් පිරුණු වීදි­යට ගියෙමි
බිඳුණු සිත පම­ණක්ම ගෙන
ආපසු පැමි­ණි­යෙමි…

නයෝමි අම­ර­සිංහ


සැන­සිලි සුවය

සාමුව කැලන් තුරු අත­රින් හණික පනී
මීව­ද­ව­ලින් බේරී එයි අනගි පැණී
මිහි­ලිය මතින් පිපි මල්වල සුවඳ දැනී
මා හද විමන හැම­දා­මත් ඔකඳ වුණී
සම­නොළ අරා ඉර මල නිති පිපෙන විට
සීතල කඳුරු ඇහැරී දිය ගලන විට
මඳ­නල සමඟ තුරු පෙළ ගී ගයන විට
මන­දොළ පිරී උතු­රයි තුටු කඳුළු කැට
කලට වැසි වැටී වැව් දිය පිරේවා
කෙතට බසින ගොවි සැම දෙවි රකීවා
කිරට නැමී රන් කර­ලින් දිලේවා
බතක සුවඳ සැම නිවෙ­සක දැනේවා
සිති­විලි සරු ව යහ දහම ම රජ වේවා
මැසි­විලි නැතුව සතුට ම දස අත වේවා
පැහැ­දිලි සොඳුරු දිවි­යක සුල­කුණු ගාවා
සැන­සිලි සුවැති අහ­සත් පොළො­වත් වේවා

සුද­ර්ශනී කුරුප්පු
– වාද්දුව


දුරුතු හීන

අහස් ඇති­රිල්ල මත නිදයි තරු දරු­වන්
වලා­කුළු පොරෝ­නය ගත වටා දව­ටන්
නැළ­විල්ල ගෙනෙයි සඳ හෙමි හෙමින් මුමු­නන්
රාත්‍රිය තද නින්දෙ මගේ නෙතු ඇහැ­රන්
පෙළින් පෙළ ගල ගලා දිය කඳුරු නැටුවා
පලින් පල ඉඟි­මරා ළපලු අත වැනුවා
ඉපල් වූ අතු මතින් සඳ එළිය ගැලුවා
සිහින් බටලී හඬට හිත පියා සැලුවා
දුරුතු සීතල ඇවිත් ඇඟ පුරා වෙළුණා
පාන්පැලෙ පාන් සිළ රෑ පුරා දිලුණා
හීන් සීපද හඬින් මහද හිරි වැටුණා
දඬු මැස්සෙ වුව හීන හතම මට පෙනුණා
අබ මලට කහ පාට කවු­රු­වත් දුන්නාද
ඇහැළ මල් රෑන් ගෙන ආකහේ එල්ලු­වද
පැණි පිරුණු පළු වීර වනය රස කෙරු­වාද
මගෙ හීන සර­සන්න අදත් නාවේ මන්ද
රොන් පුරා විල දිගේ කුමුදු මල් පිපෙද්දී
රෑක කොවු­ලකු ඇවිත් සෝ ගීත වයද්දී
තනිය තනි වී හඬයි තනි හිතට දුකක් දී
රැය වුණත් සුන්ද­රම නුඹ ළඟින් සිටිද්දී
කිරි ඉරිඟු මෝරන්නෙ අටුව සරු කර­ලන්ට
ළි⁣පේ ගිනි නැඟෙන්නේ සුබ නැකත පිළි­ගන්ට
හැම­දාම බෑ මෙහෙම දෙපොළෙ තනි වී ඉන්ට
පන් පැදුර ගෙනෙ­න්නද එය එළා සැත­පෙන්ට

ෂර්මිලා බන්දුනී දංවත්ත


ශ්‍රී ලංකා හයිකු කවි

වැලි­බත් උයන චූටි දූට
බත් කටක් කවන
අම්මා
මනෝරි උත්පලා ගමගේ

ඉඩෝ­රය
නොදුටු ගල්ප­රත්
මතු­වෙ­මින්
සුද­ර්ශනී කුරුප්පු

සාදය අව­සන
හිස් වූ බීර වීදුරු
තොල ගාන කූඹි
ක්‍රිෂාන්ති සුම­න­සේ­කර

කැඩුණු කවු­ළුව
හිරු එළිය සුළං
වැහි හිරි­කඩ එක­වර
චම්පා පෙරේරා

සුළඟ සමඟ දුවන
පතක් දෙකක් හැර
හිස් ය මේ මඟ
විමුත් ද සිල්වා

දෙව් මැදුරේ සැලෙන
ඉටි පහ­නක
සෙව­ණැල්ල
නලිනි ද සිල්වා

අඩු­වෙන වැඩි­වන
පහන් දැල්ල
මුමු­ණ­මින් අත්තම්මා
සමන්ති රණ­මු­කගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division