ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එකතු වී තරග කළ යුතු බවට දෙපාර්ශ්වයේම ඇති මතය අනුව කටයුතු කිරීමට සජබ සූදානමින් සිටින බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සිළුමිණට කීය.
එකඟතාවන්ට අනුව කටයුතු මෙහෙයවීමට සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පත් කිරීමටද යෝජනා වී ඇති අතර, එජාපය සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමටත්, ඒ වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමත් ඔහු වෙත පැවරීමටද පසුගියදා තීරණය කර ඇත.
සජබ පරාජයට පත් වීම ගැන ඉම්තියාස් බාකීර් මාකාර් සහ තිස්ස අත්තනායක මහත්වරුන් දැඩි ලෙස විවේචනය කර ඇති අතර, එවැනි තත්ත්වයන් යළි ඇති නොවීමට කටයුතු කළ යුතු බවටද තීරණය කර ඇත.