සංගීත ක්ෂේත්රයේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන ඔහු රුවන් කුමාර. දැනට වසර 10ක් පුරා මේ ක්ෂේත්රයේ රැඳී සිටිමින් සාර්ථක ගමනක් පැමිණ ඇති ඔහු පිළිබඳයි මේ සටහන.
“මගේ අලුත්ම ගීතය තමයි ‘හැඟුණා’ කියන ගීතය. මේ ගීතය මා එක්ක ගායනා කරන්නේ වස්සානි සමරසිංහ. මේ වන විට එයට ගොඩක් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ටික්ටොක් ඔස්සේ ගීතය වයිරල් වුණා. ගීතයේ පද රචනය ප්‍රවීණ ගේය පද රචක අචල සොලමන් මහත්මයාගේ. සංගීතය රුවන් මීගස්වත්තගෙ. සංදේශ් බණ්ඩාර මියුසික් වීඩියෝව නිර්මාණයෙන් එක්වුණා.
කුඩා කාලයේ ඉඳලම මම ගායනයට දක්ෂයි. පාසල් කාලයේදිත් ගායන කටයුතු කරලා තියෙනවා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම සිරස සුපර් ස්ටාර් සීසන් ටු තරගාවලියට සහභාගි වුණා. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරග සඳහාත් ඉදිරිපත් වුණා. ප්‍රවීණ ගායන ශිල්පි රොමේෂ් සුගතපාලගේ පියා වන කේ. එම්. සුගතපාල ගුරු පියා යටතේ වගේම එතුමන්ගේ වියෝවෙන් පස්සේ ඩිලානි සුගතපාල මිස් යටතේත් සංගීත විශාරද දක්වා මම අධ්‍යාපනය ලැබුවා.“
රුවන් තම සංගීත කටයුතු පිළිබඳ සිහි කලේ එලෙසිනි. අලුත් ගීත හැරුණ විට රුවන් මේ වන විට තවත් ගීත කිහිපයක් ගායනා කර ඇත.
“මේ වන විට මම ගීත හයක් කරලා තියෙනවා. මගේ පළමු ගීතය ‘පාට ගෑව ආදරේ‘ 2014 අවුරුද්දේ රිලීස් වුණේ. මගේ දෙවෙනි ගීතය වන ‘නොලැබෙන ඔබේ‘ ගීතය දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ් අංශයෙන් ටොප් 25 ගීත ලැයිස්තුවට තේරුණා. දැනට මම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ වගේම සංගීතය පැත්තෙන් ස්ථාවර වෙන්න බලාපොරොත්තු වෙනවා. මගෙ අම්මයි තාත්තයි නංගියි තමයි. පවුලේ ඉන්නේ. මගේ පළමුවෙනි ගීතයේ පද රචනයට නංගිත් එක්වුණා. අද සංගීත ක්ෂේත්රයෙන් යම් තැනක ඉන්නවා නම් ඒ තැනට එන්න මට ලොකුම හයියක් වුණේ මගෙ අම්මා.
ඊට අමතරව මගේ යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා හර්ෂ, නිමේෂ්, ඉෂාර, මගෙ ගීත කීපයක පද රචනය සහ සංගීතය නිර්මාණය කරපු රුවන් අයියා මේ පිරිසව විශේෂයෙන් මතක් කරන්න ඕන. මට උදවු කරපු අනෙක් හැමෝමවත් මේ අවස්ථාවෙදි ආදරෙන් මතක් කරන්න කැමතියි.”
කුමුදිකා ඩී. සපුතන්ත්‍රි