Home » ආක්ටික් භූමියේ අලුත් කථාන්දරය

ආක්ටික් භූමියේ අලුත් කථාන්දරය

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment
ග්‍රීන්ලන්ත වත්මන් අග­මැති මියුට් එගේඩ්

ත්මන් භූ දේශපාලනය තුළ පසුගිය සතියේ ඉතා සුවිශේෂ කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ, එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් ග්‍රීන්ලන්ත, හිටිහැටියේ මිල දී ගැනීමට සැරසීම පිළිබඳ පුවතයි. එහෙත් රාජ්‍යතාන්ත්‍රික විෂයපථය මෙන්ම ජාත්‍යන්තර සබඳතා ක්ෂේත්‍රයේද මෙය ජනපති ට්‍රම්ප් ජනපති ධුරයේ පළමු වාරයේ පටන්ම පැවති අදහසක් බව ඉතා ප්‍රචලිතය. කෙටියෙන්ම කිව හොත් ග්‍රීන්ලන්තය වූ කලි එක්සත් ජනපදයට ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගිකව ඉහළම වටිනාකමක් ඇති රාජ්‍යයකි. අනෙක් අතින් උතුරු අමෙරිකාව හා යුරෝපය අතර උපායමාර්ගික වැදගත්කමකින් යුතුව ග්‍රීන්ලන්තය පිහිටීම, යුරෝපයට ළඟා වීමට එක්සත් ජනපදයට ඇති ඉතා කෙටිම මාර්ගය වන බැවින් ග්‍රීන්ලන්තය ඒකසත් ජනපදයට සෑම අතින්ම වටිනා රාජ්‍යයකි.

ග්‍රීන්ලන්තය හා ඩෙන්මාර්කය

ග්‍රීන්ලන්තය මේ වන විට ඩෙන්මාර්කයේ ස්වයං පාලිත ප්‍රදේශයකි. ඒ 1979 පටන්මය. එක්සත් ජනපදය හා ඩෙන්මාර්කය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වපසරිය තුළ ග්‍රීන්ලන්තය ඉතා වැදගත් තීරණාත්මක අංගයක් ලෙස නේටෝවේ කොටසක් ලෙස පවතින රාජ්‍යයකි. ඒ ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයට අයත් රටක් වන බැවිනි. ඇත්ත වශයෙන්ම ග්‍රීන්ලන්තය කෙරෙහි එක්සත් ජනපදය මෙතරම් උනන්දු වන්නේ, වර්තමානයේ පමණක් දැයි ඔබ සිතනු ඇත. නැත. දෙවැනි ලෝක යුද්ධය, සීතල යුද්ධය යන මේ සියලු අවධිවලදී ද එක්සත්. ජනපදය තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය හා ආරක්ෂාව පිළිබඳ කාරණාවල දී එහි සාර්ථකත්වය උදෙසා ග්‍රීන්ලන්තය වේදිකාවක් ලෙස භාවිත කර ඇති බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වේ.

ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්කයෙන් වෙන් වෙයි ද?

ග්‍රීන්ලන්ත වත්මන් අගමැති මියුට් එගේඩ්, නව අවුරුදු කථාවේදී ප්‍රකාශ කර ඇත්තේ තම රාජ්‍යයට ඩෙන්මාර්කයෙන් පූර්ණ ස්වාධීනත්වය ලැබීමට අවශ්‍ය බවයි.

ග්‍රීන්ලන්ත රාජ්‍යය ඩෙන්මාර්කයෙන් ස්වාධීන වීම අරමුණු කොට ඇත්තේ ස්වයං නිර්ණ අයිතිය පදනම් කොටගෙනයි. ග්‍රීන්ලන්තය ස්වයං පාලන පනත මඟින් ග්‍රීන්ලන්ත වැසියන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගෙන ඇත. 2009 ජූනි 12 දා මෙය සම්මත වී ඇති අතර, එය ක්‍රියාත්මක වී ඇත්තේ 2009 ජූනි 21 දා සිටය. මේ පනත මඟින් ග්‍රීන්ලන්ත වැසියන්ට ස්වංය නිර්ණන අයිතිය පෙර දැරි කොට ගෙන ජාත්‍යන්තර නීතියට හිමිකම් කීමේ අවස්ථාව උදා වී ඇත. ස්වයං නීර්ණ අයිතිය ඔස්සේ සියලු ජනතාවකට පිටස්තර බලපෑමකින් තොරව ස්වකීය ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සංවර්ධනය උරගා බැලීමේ අයිතිය හිමි වේ.

ඇමරිකා එක්සත් ජනපද ඩෙන්මාර්ක් ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික භාවය

වර්ෂ 1801 බඳු පුරාතනයේදී ආරම්භ වූ එක්සත් ජනපද-ඩෙන්මාර්ක් සබඳතාව එතැන් පටන් කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගලා ආ එකක් ලෙස ප්‍රචලිතය. මෙවැනි පසුබිමක එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්, ග්‍රීන්ලන්තය තවදුරටත් ඩෙන්මාර්කය යටතේම පැවතීම සුබවාදිව දකිනු විනා එහි පුළුල් වෙනසක් වීම සුබවාදිව දකීය යන්න සිතීම ඉතා දුෂ්කරය. ඒ මන්ද යත්, ග්‍රීන්ලන්තය වූ කලි: ඛනිජ සම්පත් හා ලේව බලවතුන් අතර ඉහළින්ම ලැයිස්තුගත වී ඇති රාජ්‍යයක් මෙන්ම, ඩොමිනිකන් රාජධානිය තුළ ඉදිරියටත් ග්‍රීන්ලන්තය පැවතීම ට්‍රම්ප්ගේ අභිලාෂයන්ට ඉතා පහසු පසුබිමක් සැකසීමට අවශ්‍ය ඉඩ බොහෝ ලෙසම සුරැකෙනු ඇත.

මේ අතර එක්සත් ජනපද ජනපති ට්‍රම්ප්ගේ පුත්, ග්‍රීන්ලන්තයේ පෞද්ගලික චාරිකාවක් සඳහා යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මේ චාරිකාවේ අරමුණ ග්‍රීන්ලන්ත රජය සමඟ නිල සාකච්ඡාවක් පැවැත්වීමක් පිළිබඳ විස්තර නොවන අතර, මීට සති 2කට පෙර ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට ට්‍රම්ප් කළ අමුතු යෝජනාව නිසා ට්‍රම්ප්ගේ පුතුගේ ග්‍රීන්ලන්ත සංචාරය කුමක් අරබයාදැයි කුකුසක් මතු වීම සාධාරණය. ග්‍රීන්ලන්ත රජයේ, විදේශ සබඳතා පිළිබඳ ස්ථිර ලේකම් Mininnguaq Kleist ප්‍රකාශ කර ඇත්තේ ග්‍රීන්ලන්ත රජයේ නියෝජිතයින් සමඟ කිසිදු ආකාරයක රැස්වීමක් ට්‍රම්ප් පුතු සැලසුම් කොට නැති බවයි.

2017-2021 ට්‍රම්ප්ගේ ජනපති ධුරයේ පළමු වාරයේ පටන්ම ග්‍රීන්ලන්තය පිළිබඳ මහත් අභිලාෂයෙන් පසු වූ එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් මේ වන විටත් ඩෙන්මාර්කයෙන් පූර්ණ ස්වාධීනත්වය ලබා ගැනීම අරමුණු කොට ගෙන ඇති ග්‍රීන්ලන්තය කුමන ආකාරයේ උපායමාර්ගික ප්‍රවේශයකට යොමු කරගැනීමකට පිඹුරුපත් සකස් කරගැනීමකට සූදානම් වීමක් නොවීමට ද නුපුළුවන.

ලෝක දේශපාලනය තුළ මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා වේදිකාවේ ද සෑම ආකාරයකම නායකත්වයන්ට දෙවරක් සිතා බැලීමට සිදු වන යම් ස්ථිරසාර ප්‍රකාශයක් ග්‍රීන්ලන්ත අගමැති පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම්: තමන් මිල දී ගැනීමට තබා ඇති භාණ්ඩයක් නොවන බවත්, ග්‍රීන්ලන්තය අයත් වන්නේ ග්‍රීන්ලන්ත ජනතාවට බවත්ය යන්නයි. ග්‍රීන්ලන්තය පිළිබඳ ඉදිරි තීරණවලට සෙසු පාර්ශ්වයන්ට මැදිගත් වීම මහත් දුෂ්කර වන බව නම් නොඅනුමානය.

පී. ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division