Home » කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරයි

by chanaka
January 15, 2025 12:49 pm 0 comment

කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, දැනටමත් එම සහල් මෝල් දිවයිනට ගෙන්වා ඇති බවයි.

එම එක් සහල් මෝලකින් දෛනිකව සහල් කිලෝග්‍රෑම් 5000ක් නිෂ්පාදනයට හැකියාව ලැබේ.

මෙම සහල් මෝල් ක්‍රියාකාරි කාන්තා සංවිධානවලට ලබා දීමට නියමිතය.

ඉන් අනතුරුව ඔවුන් විසින් ඒවායේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන අතර කාන්තා ව්‍යවසායකයින් නගා සිටුවීමට ද මෙමගින් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division