Home » HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ RDB, බැංකු රක්ෂණ සහයෝගිතාවක

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ RDB, බැංකු රක්ෂණ සහයෝගිතාවක

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගිය කාල සීමාව පුරා මෙරට ප්‍රමුඛතම බැංකු සමඟ ඇති කරගත් බැංකු රක්ෂණ එකඟතාවන් අතරට තවත් වැදගත් සබඳතාවයක් එක් කරමින් පසුගියදා ප්‍රාදේශීය සංවර්ධන (RDB) බැංකුව සමඟ ද බැංකු රක්ෂණ එකඟතාවයකට මුල පිරීය. මෙම ක්‍රමෝපායික සබඳතාවය හරහා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමට RDB බැංකුවේ පුළුල් ග්‍රාමීය ගනුදෙනුකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාලයන්ට සිය නව්‍ය රක්ෂණ විසඳුම් පෙළ ඉදිරිපත් කිරීමට ප්‍රවේශය හිමි වනු ඇත.

මෙම එකඟතාවයට අදාළව අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර සහ RDB බැංකුවේ සභාපති ලසන්ත ප්‍රනාන්දු විසින් සිදු කළ අතර, එම ආයතන දෙකෙහි ඉහළ කළමනාකාරීත්වයද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division