ශ්‍රී ලංකාවට ජෙලි රස හඳුන්වා දුන් Motha වෙතින්, නැවතත් නවමු පෙරළිකාර නිෂ්පාදනයක් වන Jellegen හඳුන්වා දී තිබේ. එය, තාරුණ්‍යය රැක දෙන collagen අඩංගු ජෙලි කාණ්ඩයේ නිෂ්පාදනයකි.
“මෙම සුවිශේෂී, පෙරළිකාර Jellegen එළි දැක්වීමට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල විශාල පිරිසක් සහභාගි විය. එය, රූ සපුව වඩවන, තාරුණ්‍ය රැක දෙන විශ්වසනීය නිෂ්පාදනයකි.
“Jellegen සාමාන්‍ය ජෙලි නිෂ්පාදන කාණ්ඩයට අයත් වන්නේ නෑ. Jellegen කොළජන් අඩංගු “Beauty snack” එකක් ලෙස වෙළෙඳපොළේ ස්ථානගත වනවා. Jellegenවල අඩංගු කොලැජන් සහ ජෙලටීන් ශරීරයට බොහෝ ප්‍රතිලාභ ළඟා කර දෙනවා. Jellegenවල අඩංගු කොලැජන් සමේ ව්‍යුහය සෑදීමට දායක වෙන මූලිකම සංඝටකයක්. සමේ පිරිපුන් බව පවත්වා ගැනීමට කොලැජන් උපකාරි වන අතර, කෙස් කලඹ පෝෂණය කර නිරෝගී ව පවත්වා ගැනීමට සහය වනවා…” යැයි සමාගම පැවසීය.