VIMAN ස්ට්‍රීට් ක්‍රිකට් කප් තරගාවලිය නිල වශයෙන් දියත් කරන ලදි. VIMAN නගරාසන්න නිවාස ව්‍යාපෘතිය යටතේ මෙහෙයවනු ලබන මෙම පරිණාමනීය මුල පිරීම ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීම අරමුණු කර ගනී. මෙම සුවිශේෂී මුල පිරීමට මඟ පෙන්වීම හා උද්‍යෝගය රැගෙන එමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සහ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පුරෝගාමී චරිතයක් වන චමරි අතපත්තු, VIMAN සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ අත්වැල් බැඳගත්තාය.
ලබන පෙබරවාරි 2 වැනිදා ජා-ඇළදී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය, ශ්‍රී ලංකාව පුරා පාසල් 8කට වැඩි ප්‍රමාණයක වයස අවුරුදු 16න් පහළ සහ 19න් පහළ වයස් ඛාණ්ඩවලින් තරගවදින පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වනු ඇත.