Home » චීනය සම්බන්ධයෙන් ගත් තීරණය ට්‍රම්ප් වෙනස් කරයි

චීනය සම්බන්ධයෙන් ගත් තීරණය ට්‍රම්ප් වෙනස් කරයි

by chanaka
January 25, 2025 1:27 pm 0 comment

අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට ප්‍රථම අමෙරිකාවට ඇතුළු වන චීන නිෂ්පාදන සම්බන්දයෙන් අධික තීරුබදු පැනවීමේ ප්‍රතිපත්තියක් ක්‍රියා කරන බව පවසා තිබුණද ඔහු එම තීරණය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.

ට්‍රම්ප් මේ බව පවස සිටියේ ඊයේ (24) ස්විස්ටර් ලන්තයේ ඩාවෝස් හීදී පැවති ලෝක ආර්ථික සංසදය (World Economic Forum) අමතමිනි.

චීනය මත දැවැන්ත බදු පැනවීමේ ප්‍රතිපත්තිය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වාදී ඇත.

චීන ජනපති ෂී ජින් පිං තමා සමඟ මිත්‍රශීලී සබඳතා පවතින බැවින් සාකච්ඡා මඟින් ගැටලු විසඳා ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම මෙහිදී පෙන්වාදී ඇත.

බෙයිජිං වෙත තීරුබදු පැනවීම ගත් තීරණය සාධාරණීකරණය කරනු ලැබන අතර චීනය අමෙරිකාවෙන් විශාල මුදලක් උපයා ගැනීමට සමත්ව ඇති බවද හෙතෙම පවසා සිටියේය.

එම මුදල් අමෙරිකාවට එරෙහිව හමුදාව ගොඩනැඟීමට චීනය භාවිතා කරන බවටද හෙතෙම චෝදනා නගා තිබුණි.

පෙබරවාරි මාසයේ සිට චීන භාණ්ඩ සඳහා සියයට 10ක තීරුබදු පැනවීමට තමන් සලකාබලන බවත් ඉන් අනතුරුව ඉදිරි පියවර සඳහා යොමුවන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණි.

මෙහිදී විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැඩි මට්ටමේ අදහස් දැක්වීමක නිරත වූ අමෙරිකානු ජනපතිවරයා විදේශීය තරගකරුවන්ට, යුරෝපා සංගමයට සහ කැනඩාව වෙත දැඩි මට්ටමේ තීරුබදු පැනවීමට කටයුතු කරන බවට තර්ජනාත්මකව ප්‍රකාශ නිකුත් තිබුණි.

පැනමා ඇළ සහ ග්‍රීන්ලන්තය අමෙරිකාවේ පාලනය යටතට ගනිමින් අමෙරිකානු දේශ සීමා පුළුල් කිරීමට තමා ඉදිරියේදී කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම කැනඩාව අමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කර ගැනීමේ තීරණය නොවෙනස්වනු ඇති බවද හෙතෙම මෙහිදී පවසා තිබුණි.

කැනඩාව ඊට අදාළ පියවර අනුගමනය නොකරන්නේ නම් තීරුබදු ඇතුළුව දැඩි පියවර ගැනීමට තමන් කටයුතු කරන බව හෙතෙම අවධාරණය කර ඇත.

මෙහිදී උතුරු කොරියාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ නැවත සම්බන්ධ වීමට තමන් උනන්දුවන බව ප්‍රකාශ කළේය.

උතුරු කොරියානු නායකයා අන්තවාදියකු නොවන අතර ඔහු බුද්ධිමත් මිනිසකු ලෙස හෙතෙම පවසා ඇත.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division