Home » මහනුවර මහානාම විද්‍යාලයට විදුහල්පතිවරයකු ලබා දෙන්න

මහනුවර මහානාම විද්‍යාලයට විදුහල්පතිවරයකු ලබා දෙන්න

by Mahesh Lakehouse
January 25, 2025 12:29 am 0 comment

මහනුවර නගරයට ප්‍රවේශ දොරටුවක් වන ගැටඹේ හන්දියේ පිහිටි මහනුවර මහානාම විද්‍යාලය ප්‍රදේශයේ පැරැණිම පාසලකි. ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් වන මහානාම විද්‍යාලය වර්තමානයේ පත්ව ඇත්තේ කනගාටුදායක තත්ත්වයකටය. වසර 186ක් පමණ පැරැණි මේ පාසල මුලින් ශාන්ත ජෝන් විද්‍යාලය ලෙස හැඳින් වූ අතර වර්තමානයේ එය මහනුවර මහානාම විද්‍යාලය ලෙස හඳුන්වනු ලබයි.

මේ විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා 2024 වසරේ අගෝස්තු මස 28 වන දින විශ්‍රාම ගිය අතර, හෙතෙම විශ්‍රාම ගොස් මාස පහක් පමණ ගත වුවද ස්ථිර විදුහල්පතිවරයෙක් මේ වනතෙක් පත් කර නොමැත. එනිසා පාසලේ පරිපාලනය ඇතුළු අධ්‍යාපන කටයුතුවල යම් පසුබෑමක් ඇතිවී තිබේ. මෙතෙක් විදුහල සඳහා විදුහල්පතිවරයෙක් පත් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අසමත් වී තිබීම මීට ප්‍රධානතම හේතුවයි.

දැනට වැඩබලන විදුහල්පතිවරියක පත් කර තිබුණ ද එය මේ සඳහා ස්ථිරසාර විසඳුමක් නොවන බව මේ තත්ත්වයෙන් පැහැදිලිය. බොහෝ මාපියන් පවසන්නේ ළමයින්ගේ විනය ගැටලු වැඩි වී ඇති බවත් එනිසා ඉගෙනුම් ක්‍රියාවලිය ද බිඳ වැටී ඇති බවයි.

විද්‍යාලයේ ආදි ශිසුන් සහ මාපියන් වන අප හට පාසලේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඇත්තේ කනගාටුවකි. මේ විද්‍යාලයට විධිමත්ව විදුහල්පතිවරයකු පත් නොකරන්නේ ඇයි ද යන්න අපට ඇති ගැටලුවකි. දේශපාලන හෝ වෙනත් දෘෂ්ටි කෝණවලින් නොබලා මේ විද්‍යාලය තව තවත් පරිහානියට පත්වීමට ඉඩ නොතබා පාසල මනාව පවත්වාගෙන යාමට විධිමත් ලෙස විදුහල්පතිවරයකු පත් ක‍ළ යුතුය යන්න අපගේ හැඟීමයි.

එනිසා දරුවන්ගේ අනාගත මංපෙත් විවර කරන ප්‍රධානතම අවිය වන නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට ඉඩ හසර විවර කර දෙන මෙන් වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිමු.

මහනුවර මහානාම විද්‍යාලයේ ආදි සිසු කැල සහ මාපිය එකමුතුව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division