වැලිකන්ද පොලිස් වසමට අයත් අසේලපුර, ‘මහින්දගම’ නිෙවසක කසිප්පු පෙරු තරුණයකු කසිප්පු බෝතල් 53ක් සමඟ වැලිකන්ද පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ පසුගියදාය. පොලිස් නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කළුතර, මාපලගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව විමර්ශනවලදී හෙළි විය. ඔහුගේ බිරියද කොළඹ ඇඟලුම් කම්හලක සේවය කරන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.
මෙම සැකකරු පෙරන කසිප්පු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් දෙදෙනෙකු යොදවා අලෙවි කර ඇති බව පොලිස් නිලධාරීන් විසින් කරන ලද විමර්ශනවලින් අනාවරණය විය.
මෙම වැටලීම සිදු කළ උප පොලිස් පරීක්ෂක වීරසිංහගේ දුරකතනය වැටලීම සිදු කළ දින උදේ 7ට පමණ නාද විය.
“සර්… තොරතුරක් දෙන්න කතා කළේ… අපේ ගමට අලුතින් මනුස්සයෙක් ඇවිත් ඉන්නවා… මේ හාදයා දැන් මෙහෙට ඇවිත් මාස තුනක් විතර වෙනවා… අපේ ගමේ අසේලපුර පැත්තේ ඉඩමක් මේ මනුස්සයා රුපියල් ලක්ෂ 7 දීලා ගත්තේ ගේකුත් එක්ක. ආපු දවස්වල හොඳට හිටියා… ඔහුගේ ඉඩමේ බෝල ගහන්න වොලිබෝල් පිට්ටනියකුත් හදලා දුන්නා… ළමයින්ට බෝල ගහන්න වොලිබෝලයක්… නෙට් එකක් ගෙනත් දුන්නා. එතන බෝල ගහන්න ගමේම ළමයින් ආවා… ඇවිත් බෝල ගැහුවා… මෙහෙම ඉන්න ගමන් මේ මිනිහා ළමයින්ට ගංජා බොන්නත් පුරුදු කළා. එහෙම ඉන්න ගමන් අපේ ළමයින්ට කසිප්පු බොන්නත් පුරුදු කළා. ඒ විතරක් නොවෙයි සර්… දැන් මිනිහා කසිප්පුත් පෙරනවා. ඒ කසිප්පු විකුණන්නේ හයක් හතරක් නොදන්නා ඉස්කෝලේ යන ළමයි දෙන්නෙක්… අවුරුදු 15 පමණ වන මේ ළමයින් මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. එක ළමයෙක් පාසල් නිල ඇඳුම් ඇඳගෙන ඇවිත් කසිප්පු පැකට් එකක් විකුණලා තියෙනවා. ඔන්න අපේ ගමේ තත්ත්වය දැන්.“ යැයි කියා ඔත්තුකරු දුරකතනය විසන්ධි කළේය.
සියලුම තොරතුරු ලබාගත් උප පොලිස් පරීක්ෂක වීරසිංහ වැටලීම සඳහා යාමට පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එම්. එස්. එම්. ජරුල්ගේ අධීක්ෂණයෙන් වැලිකන්ද පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගේ මෙහෙයවීමෙන් සැලසුම් සකස් කෙරිණි.
ලැබුණු තොරතුරු අනුව වැටලීම සිදු කිරීමට උපපොලිස් පරීක්ෂක වීරසිංහ සූදානම් වූයේ සහායට තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද කැටුවය.
පස්වරු 3ට පමණ වැටලීම සඳහා ගමන් ආරම්භ කළ පොලිස් නිලධාරීන් වැලිකන්ද පොලීසියේ සිට කිලෝමීටරයක දුරක් ගිය පසු අසේලපුර, මහින්දාගම ගම්මානයට ළඟා වන විට පැයක පමණ කාලයක් ගත වී තිබිණි. වටපිටාව නිරීක්ෂණය කරමින් ගමන් ගත් ජීප් රථයේ සිටි උපපොලිස් පරීක්ෂක වීරසිංහ දුටුවේ නිෙවසක් අසල මිදුලේ රැඳී සිටි ළමයින් දෙදෙනෙකු නිෙවස තුළට දිව යන අයුරුය.
පොලිස් නිලධාරීන් ජීප් රථයෙන් බැස නිෙවස තුළට ගොස් විමර්ශන කටයුතු කරන අවස්ථාවේ එහි කසිප්පු බෝතල් 53ක් සහිත බූලියක් නිෙවසේ කාමරයක සඟවා තිබියදී සොයා ගැනිමට හැකි විය. අනතුරුව එම නිෙවසේ අස්සක් මුල්ලක් නෑර නිරීක්ෂණය කර එළියට පැමිණි පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටුණේ අලුතින් වළක් හාරා පොල් පැළයක් සිටුවා තිබූ ස්ථානයක් දෙසටය. පොල් පැළය අසල වළෙන් නිල් පැහැයෙන් දිස්වන නිසා ඒ කෙරෙහි අවධානය යොමු කළ පොලිස් නිලධාරීන් පොල් පැළය ගලවා බලද්දී එම විශාල වළ තුළ කසිප්පු පෙරීම සඳහා උපයෝගී කරගත් බූලි 6ක් පෙරීමේ උපකරණ ද ඇති බව දැන ඒවා අත්අඩංගුවට ගන්නා ලදි. අදාළ නිෙවස පරීක්ෂා කරද්දී නිෙවසේ රැඳී සිටි පාසල් සිසුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ඔවුන්ගේ මවුපියන් එහි කැඳවා ළමුන්ට සහ මවුපියන්ට ද මෙවැනි ජාවාරම්කරුවන්ට අසු නොවී ගමට රටට සේවයක් කළ හැකි අය වන ලෙස දරුවන් නොමඟ නොයවන ලෙස මවුපියන්ද දැනුම්වත් කර ළමයින් දෙදෙනා මවුපියන්ට භාර දුන් පොලිස් නිලධාරීන් එම නිෙවසේ රැඳී සිටි කළුතර සිට පැමිණි වයස අවුරුදු 24ක් පමණ වන තරුණයාද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වැටලීම සිදු කළ පොලිස් නිලධාරීයකු සඳහන් කළේ මුදල් හරිහම්බ කරගැනීමේ අරමුණින් ළමයින් රවටා ක්‍රීඩා පිටියක් හදාගෙන ජාවාරම්කරු මෙම කසිප්පු ජාවාරම සිදු කර ඇති බවයි.
වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු පවරන ලදි.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එම්.එස්.එම්. ජරුල්ගේ අධීක්ෂණයෙන් වැලිකන්ද පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායකගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ජී. ටී. කේ. වීරසිංහ, සැරයන් 67334 ෆ්‍රන්සිස්, කොස්තාපල් 102737 රණසිංහ, 89137 නිශාන්ත යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබුණි.