Home » එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් ශාඛාවක් යාපනයේ

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් ශාඛාවක් යාපනයේ

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම සිය ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෑතක දී යාපනයේ නව ශාඛාවක් විවෘත කළේය. ඒ හරහා සමාගමේ විදේශ චාරිකා සේවා වැඩිදියුණු කිරීමෙහිලා ගනු ලැබූ තවත් එක් වෑයමක් වශයෙන් මෙන්ම උතුරු පළාතේ ජනතාව වෙත උසස්තම චාරිකා විසඳුම් ඉදිරිපත් කිරීමේ අදහසද මුදුන්පත් කරගෙන ඇත. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) පැරැණිතම නියෝජිතායතනයක් ලෙසට දිවයින තුළ කටයුතු කරන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම, ප්‍රමුඛ පෙළේ විදේශ චාරිකා නියෝජිතයකු වශයෙන් කීර්තිනාමයක් දිනාගෙන ඇත. යාපනයේ තම නවතම ශාඛාව විවෘත කරමින් සිය මෙහෙයුම් කටයුතු පුළුල් කර ගැනීමට සමත් වීම ගැන සමාගම සිය සතුට පළ කරයි. එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සහභාගි වූ ගෞරවනීය ආරාධිත අමුත්තෝ රැසක් නව ශාඛාව විවෘත කිරීමේ උත්සවය වර්ණවත් කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division