සෞභාග්‍යමත් සහ සතුටින් පිරි, එසේම දියුණු ව්‍යාපාර හිමිකරුවෙකු, ඉහළ පෙළේ උසස් රැකියාවකට උරුමකම් කියන්නට වචනයේ පරිසමාප්තියෙන්ම කියනවා නම් ‘බැබළෙන ජීවිතයක්’ ගෙවන්නට ඔබටත් අවශ්‍යද? එසේ නම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.
විශේෂයෙන් මේෂ ලග්නය, වෘශ්චික ලග්නය හිමි අය කතරගම දෙවිඳුට පුද පූජා තැබිය යුතුමය. එම ලග්න හිමියන්ගේ ලග්නාධිපති කුජ ග්‍රහයා වෙනුවෙන් බාරහාර විය යුත්තේ කතරගම දෙවියන්ටයි. ඔබත් කුජ මහ දශාවක්, අන්තර් දශාවක් ගෙවනවා නම් හෝ ලේ ධාතුවට අධිපති කුජ ග්‍රහයාට පූජා තබා නිරෝගි බව ජයග්‍රහණය අත්කරගන්න.
වසරකට එක් වරක් හෝ ඔබ කතරගම මහා පින්බිමට පා තබන්න. මහදෙවොල පිටුපස පිහිටි උතුම් අෂ්ටපල බෝධීන් වහන්සේ උතුම් රශ්මි කදම්භයක් ඇති උතුම්ම කිරිවෙහෙර යන මේ පූජනීය තැන් අනිවාර්යෙන්ම වන්දනා මාන කරන්න.
මා ඔබට පෙර සඳහන් කළ අයුරින් උදේ සවස පින් දිය යුතු දෙවිවරුන් අතරින් උතුම්ම දෙවි කෙනෙකි උතුම් කතරගම දෙවිඳුන්. කතරගමට ගොස් කතරගම දෙවියන් වන්දනාවට දින 07කටවත් පෙර නිර්මාංශ වන්න. දුප්පත් පවුලකට වියළි ආහාර මල්ලක් දන් දෙන්න. නිවස, වත්ත පිටියට ඉතා පිළිවෙළට කහ, දෙහි යුෂ වතුර ඉසින්න.
ඔබත් පිරිසිදුව ගෞරවාන්විතව භක්තිමත් සිතිවිලිවලින් සිත පුරවා ගන්න. ඔබ නිවසින් පිටත් විය යුත්තේ උතුම් ගම්භාර දෙවිඳුට සියලු ආරක්ෂිත වගකීම් පවරාය. කිරි ආහාරවලට යොදා ගන්නා අලුත් සහල්වල සිට සුවඳ කුඩු, හඳුන්කූරු, කොඩිවැල්, මල් මාලා, නැවුම් ගෙඩි පලතුරු ඉතා පිළිවෙළට අසුරාගන්න. මේ කාලය තුළ ඔබ ඔබගේ පින් පොත දිනපතා ලියන්න. අමතක කරන්න එපා උදය සවස එක් පිරිතක් හෝ කියන්න. කතරගම වන්දනාව පුරපස දිනෙක යොදාගන්න.
නිර්මාංශ වී නා පිරිසිදුවූ ඔබ පළමුව හිමිදිරි උදෑසන කිරිපිඬු සමඟින් වන්දනා මාන කළයුත්තේ මහා දෙවොල පිටුපස ඇති අෂ්ටඵල බෝධියයි. අෂ්ඨ ඵල බෝධි වන්දනාවේ අනුහස් පිළිබඳ මම පෙර ඔබට ලිපි ගණනාවකින් දැනුවත් කර ඇත්තෙමි.
සුවඳ දුම් අල්ලා සුදු වැලි ඉසීමේ පුලින පූජාව ගැනද මම මීට පෙර කියා දී ඇත්තෙමි. පිරිසිදු වැලි මිටක් ඉසූ උතුම් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ සුවඳ පැනින් නහවන්න. කොඩිවැල් එල්ලන්න. සුවඳ මල් පූජා කරන්න. ඉඳුල් නොකර කිරි පිඬු පාත්‍රය පූජා කරන්න. පැන් පූජා කරන්න. මේ පැන් ලොකු වීදුරු බඳුනකට පූජා කරන්න. මේ පූජා කරන ගානේ ප්‍රශ්න කරදර දුරින්ම දුරු වී සැනසිල්ල ප්‍රාර්ථනා කරන්න.
“උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේ අධිගෘහිතව වැඩ වාසය කරන කළු දේවතා බණ්ඩාර දෙවිඳුන්ට මේ පින් අයිතිවේවා යයි ප්‍රාර්ථනා කරන්න. බෝධීන් වහන්සේ අධිගෘහිත සියලුම දෙවියනට පින් දෙන්න. ජීවිතයේ සියලු දුක් දුරුවෙන මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ලඟ ඔබේ ප්‍රාර්ථනය බලගැන්වෙන පඬුර (කහ, දෙහිවලින් සේදූ) ගැට ගසන්න. තමා කැමති පුරුදු පුහුණු කළ බලගතු පිරිත් සූත්‍රවලින් පිරිත් කරමින් උතුම් කතරගම දෙවිඳුට පින් දෙන්න.
මේ ආකාරයට කිරිපිඬු, පැන්, ඉන්දියන් පිච්ච හෝ කැමති සුවඳ මල් වට්ටියක්, අටපිරිකරක් පූජා කරන්න. අනතුරුව එතනම ඇති බලගතු මහසෙන් දෙවිඳුට ද පුද පූජා පවත්වා පඬුරු දමා වන්දනා මාන කරන්න. පින් දෙන්න.
පළමුව තමා කැමති විදියට ගණදෙවි දෙවොලට පා නඟා උතුම් කතරගම දෙවිඳු වඳින්න යන බව කියන්න. දැන් ඔබ පියනඟන්නේ උතුම් කතරගම දෙවොලට. ඔබේ සුවඳවත් පලතුරු ගෙඩි පූජාව දෙවොලට පිළිගන්වා පඬුර ද අතේ තබාගෙන
“ඕම් සරවනභවාය නමහාඃ
වන්දේ ස්කන්ධ කුමරං තං….
කාචරග්‍රාම ගෝචරං….
පරිරක්ෂතු මාං නිත්‍යං….
වර්ධයන් සුඛ සම්පදං….”
(දෙවොලට යෑමට පෙර කටපාඩම් කරගන්න.)
උතුම් කතරගම දෙවිඳුට ඔබ මෙතෙක් කළ සියලු පින් අනුමෝදන් කර ඔබට අවශ්‍ය දේ ඉටුකර දෙන ලෙස ඉල්ලා භාර වන්න.
මේ බලගතු පුද පූජාවලින් පසුව උතුම් අෂ්ටඵල බෝධිය අසලින් වාඩිවී මේ බලගතුම ස්තෝත්‍රය 108 වරක් බලගන්වන්න. කියන කියන ගානේ උතුම් කතරගම දෙවිඳු සිහි කරන්න. ඉතාම බලගතු ශක්ති සම්පන්නම ස්තෝත්‍රයක් නිසා ගෞරවයෙන් භක්තියෙන් නිවැරැදිව කියන්න.
කතරගම දේව බලගතු දැහැන:
පුතමෝ ඥාන ශක්තියාත්මා ද්විතියත් ස්කන්ධ ඒවච
අග්නි ගර්හස් තෘස්තීයස්තු ඛායුලේයස්…. චතූර්ධකහ
ගැන්ගේයහ් පංචමහ් ප්‍රෝක්ත ශෂටහ් සර්වනෝද්භවහ
සප්තමහ් කැර්තිකේ යස්ව කුමාරස් වාස්ටමස් කතා….
නමහ් ශන්මුඛහ් ප්‍රෝත්තහ තාරකාරිනී ස්මෘතෝ දස
ඒකා දසස්ව සේනානිහි ගුණෝ ද්වාදය ඒවච…
ත්‍රයෝදසෝ බ්‍රහ්මචාරි ශිව තේජස් චාතූර්දසහ
කෞන්වදාරි පත්වදසහ ශෝඩස සිඛි භිවාහනහ
ශෝඩසෙයිතානි නමානි යෝ ජපේන් භක්ති සම්‍යුක්තහ
බ්‍රහස්පතී සමෝ බුධ්ධයා තේජසා බ්‍රාහ්මනහ්සමහ
කන්‍යාර්තී ලභතේ කන්‍යාම් භූනාර්ති ඥානමාස්තයන්
විද්‍යාර්ති ලභතේ විද්‍යාම් ධනාර්ති ධන මස්නුතේ
යද් යද් ප්‍රාර්තයතේ මද්යහ තත්සරවම් ලබතේ ධෘවමි
• මෙය (108) වාරයක් කියන්න.
ඔබගේ යහපත් සිතුවිල්ල ඉෂ්ට කරදෙන ලෙස පවසා සත්‍ය ක්‍රියා කරන්න. අත්දුටුම වන්දනාවකි. අනතුරුව වැඩ සිටි කන්ද සහ සෙල්ලකතරගම ද ඉතාම භක්තියෙන් වන්දනා මාන කරන්න. මේ උතුම් වන්දනාවේ අනුහස් අනන්තයි! අප්‍රමාණයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර