Home » හොර සිගරැට් අල්ලන්න එස්ටීඑෆ් කළ වැටලීම

හොර සිගරැට් අල්ලන්න එස්ටීඑෆ් කළ වැටලීම

by Mahesh Lakehouse
February 8, 2025 12:30 am 0 comment
ගම්පොළ - සුරංග දිල්හාන්

– ගාල්ල දෙවට පෞද්ගලික ආයතනයක තිබී විවිධ වර්ගවල හොර සිගරට් 29,000ක් අත්අඩංගුවට
– කාලයක් තිස්සේ කළ හොර වැඩක්

ගාල්ල මූලස්ථාන පොලිස් බලප්‍රදේශයට අයත් ‘දෙවට’ ප්‍රදේශයේ දිය මත ලිස්සා යාමේ පුහුණු කිරීමේ ආයතනයක් මඟින් සංචාරකයන්, ප්‍රදේශයේ වෙළෙඳසල් සහ පාසල් ළමුන්, තරුණයන් ඉලක්ක කර කාලයක් තිස්සේ අලෙවි කරමින් තිබූ නීති විරෝධී විවිධ වර්ගයේ සිගරැට් අඩංගු පෙට්ටි විශාල තොගයක් ගාල්ල, රජ්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය.

මෙම මධ්‍යස්ථානය ඇතුළත නීති විරෝධී කටයුතු රැසක් සිදුවන බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරු රැසක් ලැබී තිබූ අතර විවිධ දුම්වැටි ජාවාරම ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබී ඇත. එස් ටී එෆ් නිලධරයන් මේ ගැන ටික කාලයක් තිස්සේ ඇස ගසාගෙන සිට ඇත්තේ ලැබුණු තොරතුරු මතය.

විදත් සිගරට් ඇතුළු විවිධ සිගරැට් වර්ග පාසල් ළමුන් ඇතුළු තරුණයන් ඉලක්ක කර බෙදා හැර ඇති අතර මෙම නීති විරෝධී සිගරැට් වර්ග මේ ජාවාරම්කරුවන් අතට පත්ව තිබුණේ රහසිගත ක්‍රමයකටය.

ගාල්ල, රජ්ගම කඳවුරේ අණදෙන නිලධාරී එස්. විජේසේකරගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුබසිංහගේ ප්‍රධානත්වයෙන් සැරයන්වරුන් වන 72399 අනුරුද්ධ, 39724 පතිරණ, කොස්තාපල්වරුන් වන 87658 වර්ණකුලසූරිය, 9211 දිල්ෂාන්, 80907 රසික ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම සිදුකොට මෙහි තිබූ සිගරැට් 29600ක් අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා ගාල්ල වරාය පොලීසිය වෙත භාර දී තිබිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division