ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ එක්ව ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) 2025 සමුළුව ආරම්භ කරන ලදි. 2025 පෙබරවාරි 5 සිට 6 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව, රටේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට උපකාරකයක් ලෙස ආරක්ෂාව සහ ඇතුළත් භාවය සහතික කරන විශ්වීය ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) හි තීරණාත්මක කාර්යභාරය අවධාරණය කරයි.
විනිවිදභාවය, ආරක්‍ෂාව සහ ඇතුළත් භාවය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින්, 2025 සමුළුව, විවිධ අංශවල ගෝලීය නායකයින්, විශේෂඥයින්, නවෝත්පාදකයින් සහ පාර්ශ්වකරුවන් එක් කරමින්, DPI ආශ්‍රිතව පවතින අභියෝග සහ අවස්ථා පිළිබඳ සංවාදයක් ගොඩනැගීමට උත්සාහ කරයි.
මෙහි ආරම්භක සැසියට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය ප්‍රමුඛ දෙස් විදෙස් රාජ්‍ය නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.
ඡායාරූපය – සුලෝචන ගමගේ.