Home » Achievers International Campus සහ TARUMT සහයෝගීතාවක

Achievers International Campus සහ TARUMT සහයෝගීතාවක

by Mahesh Lakehouse
February 8, 2025 12:30 am 0 comment

ශිෂ්‍ය ප්‍රජාවට අද්විතීය ව්‍යාපාර පාඨමාලා 3ක් එනම් ගිණුම්කරණ හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර උපාධිය (ගෞරව), ජාත්‍යන්තර ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ ව්‍යාපාර උපාධිය (ගෞරව) සහ ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාත් උපාධිය (MBA) හැදෑරීමේ අවස්ථා සලසා දෙමින් 2025 වර්ෂයේ ජනවාරි 23වන දින Achievers International Campus සහ Tunku Abdul Rahman University of Management and Technology සහයෝගීතාවකට එළැඹ තිබේ.

ඒ අනුව, ගිණුම්කරණ හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර උපාධිය (ගෞරව) මඟින් මූල්‍ය කළමනාකරණය, බදු අය කිරීම, ගිණුම් පරීක්ෂාව සහ මූල්‍ය වාර්තා අවධානයතාකරණය යන අංශ කෙරෙහි යොමු කෙරේ.

ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර උපාධිය (ගෞරව) මඟින් ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෙළඳාම, ව්‍යාපාර ක්‍රමෝපාය සහ අලෙවිකරණය යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් සැලසුම් කර ඇත.

ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධිය (MBA) නායකත්ව සහ කළමනාකරණ කුසලතා වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙන වෘත්තිකයන් ඉලක්කගත කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division