Home » සතියේ කවි පොත

සතියේ කවි පොත

by Mahesh Lakehouse
February 8, 2025 12:30 am 0 comment

කෘතිය – මැද මිදුල
කර්තෘ – නිහාල් ගුණ­ව­ර්ධන
මිල – රු. 600/=
කර්තෘ ප්‍රකා­ශ­න­යකි

කලක් තිස්සේ කවි ලියන නිහාල් ගුණ­ව­ර්ධන කවි රචනා තර­ග­ව­ලදී බොහෝ ජය­ග්‍ර­හ­ණද හිමි කර­ගත් අයෙකි. මේ ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍ර­හ­ය­යයි. නිහාල්ගේ අත්දැ­කීම් විවි­ධය. ඒ ඔස්සේ ඔහුගේ නිර්මාණ විවිධ ලෙස ලියවී ඇත. ඇතැම් නිර්මා­ණ­වල භාෂාව සැර වැඩි­දැයි විටෙක අපට සිතේ. අම්මා නැති කල කුඩ­ම්මාගේ රැක­ව­ර­ණය ලබන දරු­ව­කුට සිය මව­ගෙන් මෙන් ආද­රය කරු­ණාව දයාව ලැබෙන්නේ නැත. මාතෘ­කාව – ‘කුඩම්මා’:

‘සඳ ළඟට ගෙන
ඉර පයින් මැඬ
ගෙයි පහන නිවලා
කළු­වරේ ලැග හිඳින්නී…

අම්මා නැති මගෙ
කනින් ඇද ඇද
පිලට පැදු­රක්
විසි කරන්නී…’

කියා පටන් ගන්නා කවිය ඔහු ලියන්නේ කුඩ­ම්මාගේ තිබෙන නපුරු ගති පැවැ­තුම්ය. ඇගේ නපු­රු­ක­මය. සැමියා මියගිය පසු බිරි­ය­කට සිදු වන්නේ ජීවිත කාල­යම තනි වන්නය. ඇතැම්විට මිනි­සුන් එන්නේ ඇගේ දුක බැලී­මට නොව, ඇයට ළං වීම­ටය. අද සමා­ජයේ මෙවැනි අත්දැ­කීම් බහු­ලය. සැමියා මිය­ගිය කාන්තා­වගේ නිවෙ­සට එන පුද්ග­ලයා ගැන කවියා ප්‍රශ්න කරන්නේ, ඒ දෙවි­යෙක් විමට ද පුළු­වන් කියාය. මාතෘ­කාව – ‘පාද­ඩයා’:

‘සුදු කොඩි­ය­වත් ගැලෙව්වේ නෑ තව
ඇස් තියෙ­නවා නම් බලා­පන් දෙවි­යනේ
ඒ එන්නේ කවු­දැයි කඩුල්ල පැන
සුදු කොඩිය යටින්…
තිරි­ස­නෙක් ද?
යක්ෂ­යෙක් ද?
භූත­යෙක් ද?
‘නෑ නෑ ඒ පාද­ඩ­යෙක්.’
‘පාද­ඩ­යෙක්?’
‘ඔව් පාද­ඩ­යෙක්.’
‘පාද­ඩ­යෙ­කුට බැරි ද දෙවි­යනේ
දෙවි­යෙක් වෙන්න?’

අලි ඇතුන් නැති පෙර­හ­රක් දැකිය නොහැ­කිය. එදා මෙදාතුර පෙර­හරේ ගිය අලි ඇත්තු බොහෝය. එහෙත් සත­කුට වුව නිද­හස තිබිය යුතුය. නිද­හ­සක් නැතිවිට සතා වුවත් හිදින්නේ සැන­සි­ල්ලක නොවේ. මාතෘ­කාව – ‘තවත් කඳු­ළක්’:

‘ඉරුණු සාඨක ඇඳ­ගෙන
විලං­ගු­වෙන්,
මගේ අත­පය බැඳ­ගෙන
හෙණ්ඩු­වෙන්,
මගේ නිල­යට ඇන ඇන
කොහොම යන්නද මං පෙර­හරේ
ධාතු කර­ඬුව අර­ගෙන..?’

මෙහි දැක්වූ නිර්මා­ණ­ව­ලට අම­ත­රව නිහාල් ගුණ­ව­ර්ධන කවියා ‘මැද­මි­දුල’ කාව්‍ය සංග්‍ර­හය මඟින් සමාජ අසා­ධා­ර­ණ­කම්, කාන්තා හිංස­නය ගැන මෙන්ම පවුල් ජීවි­තයේ විවිධ පැති­කඩ ඔස්සේ තම විග්‍ර­හය ඉදි­රි­පත් කිරී­මට සම­ත්කම් දක්වා ඇත.

ඉසවි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division