164
ලේක්හවුස් ආයතනයේ ‘තරුණී’ සහ ‘දිනමිණ’ පුවත්පත්වල ඡායාරූප ශිල්පියකු මෙන්ම මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ උපාලි ජයරත්න මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. කතරගම දේවාලයේ නිල ඡයාරූප ශිල්පියකු ලෙස කතරගම මාධ්‍ය ඒකකයේ වැඩ කළ ඒ මහතා කතරගම පෙරහර මංගල්‍යයට නැතිවම බැරි ඡායාරූප ශිල්පියෙක්ද විය. දේහය පිළිබඳ අවසන් කටයුතු 15 සෙනසුරාදා හවස 6.00ට බණ්ඩාරගම වල්ගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබිණි.