Home » සීමාවෙන් එහාට ගිය නිර්මාණ කරලා නැහැ

සීමාවෙන් එහාට ගිය නිර්මාණ කරලා නැහැ

චමුදි අබේකෝන්

by thanushika
February 15, 2025 12:30 am 0 comment
 අනුෂා රණසිංහ

චමුදි අබේකෝන්, මුලින්ම අපි දැක්කේ සිදූ නාට්‍යය තුළින්. ඉන් පසුව දෙරණ නාලිකාවේ ඉස්කෝලෙ ටෙලි නාට්‍යය සහ රාජනී නාට්‍යය තුළින් චමුදි ප්‍රේක්ෂකයින් අතරට ආවා. මේ දිනවල නම් චමුදි ප්‍රේක්ෂකයින් අතරට එන්නේ සින්ධුහි මිහිරි ලෙසින්. විවිධ චරිත ඔස්සේ සිය රංග කුසලතාව ඔප්නංවමින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට ආස කරන චමුදි රසඳුන සමඟ කළ කෙටි කතාබහයි මේ.

මේ දවස්වල නිර්මාණ කටයුතු මොනවද?

සියත නාළිකාවෙ විකාශය වන සින්ධු ටෙලි නාට්‍යයේ මිහිරි කියන චරියතයෙන් තමයි මේ දවස් වල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ.

එකිනෙක නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ලැබෙන ප්‍රතිචාර ඇත්තටම හොඳයි. ඇත්තම කිව්වොත් මම රඟපෑ ගුරුවරියගේ චරිතවලට ලැබෙන හොඳ ප්‍රතිචාර වැඩියි.

වැඩියෙන්ම ප්‍රේකෂකයින් අතරට ගිය නිර්මාණය මොකක්ද?

රාජිණි ටෙලි නාට්‍යයේ වාසානා ටීචර් කියන චරිතය තමයි වැඩියෙන්ම ප්‍රේකෂකයින් අතරට ගියේ. අදටත් මාව ගොඩක් අය අඳුරගන්නෙ වාසනා ටීචර් විදියට. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය විදියට තමයි වාසනා ටීචර්ගෙ චරිතය හඳුන්වා දෙන්න පුළුවන්.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?

මගේ පෞද්ගලික තීරණයක් නිසා දැනට අලුත් වැඩ මුකුත්ම භාර අරගෙන නැහැ. ඒ වුණත් ඉදිරියටත් සින්දු නාට්‍යයෙන් මාව දැකගන්න ලැබෙයි.

චරිතවලදි චමුදිට සීමාවන් තියෙනවද?

ඔව්. අනිවාර්යයෙන් මට සීමාවන් තියෙනවා. කිසිම වෙලාවක සීමාවෙන් එහාට ගිය නිර්මාණ කරලා නැහැ. හැබැයි හැම කෙනෙක්ටම කලාව තුළ සීමාවන් තිබිය යුතුයි කියලා දෙයක් නැහැ. ඒක තමන්ගේ පෞද්ගලික කැමැත්ත.

කලාවට ඇවිත් අවුරුදු කීයක් ද?

මම කලාවට සම්බන් වෙන්නෙ 2019 වසරේ. දැනට අවුරුදු 5ක් වෙනවා.

ලැබෙන ඇරයුම් ගැන තෘප්තිමත් ද?

කලාවත් එක්ක ගොඩක් කාර්‍යබහුල කෙනෙක් වෙන්න මගෙ කැමැත්තක් නැහැ. එක පාරකට එක නිර්මාණයයි ගොඩක් වෙලාවට කරේ. සමහර ඇරයුම් ප්‍රතික්ෂේප කරලත් තියෙනවා. ලැබුණු ඇරයුම් ගැන තෘප්තිමත්.

සිනමාවට ඇරයුම් ලැබුණේ නැද්ද?

ලොකුවට නැහැ. හැබැයි ප්‍රියන්ත කොළඹගේ මහතාගෙ සූරිය සුළඟ චිත්‍රපටයේ චරිතයක් කළා. ඒක ඉස්සරහට දැකගන්න ලැබේවි.

පවුලේ තොරතුරු මොනවද?

මගේ පවුලේ ඉන්නෙ මගේ අම්මයි තාත්තයි මල්ලියි මමයි. මල්ලි දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

රංගන ක්ෂේත්‍රයට එන මුල් කාලයේ ගෙදර අය නම් ලොකු කැමැත්තක් දැක් වුයේ නෑ. මගේ තනි කැමැත්තට තමයි ක්ෂේත්‍රයට ආවේ. ඒක එහෙම වුණත් දැන් මාව ටෙලි නිර්මාණවලින් දකිද්දි ගෙදර අයට ආසයි. ඒක නිසා දැන් නම් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ආදරවන්තියක් ද?

ඔව්, මම ආදරේ කරනවා..මේ වෙද්දි විවාහ ගිවිසගෙන ඉන්නේ.

විලාසිතාවලට කොයි තරම් තැනක් දෙනවද?

විලාසිතාවලට ගොඩක් කැමති කෙනෙක්. ලස්සන ඇඳුමක් සපත්තු දෙකක් එහෙම තිබුණොත් මට ගැළපෙනවා කියලා හිතුණොත් මම අනිවාර්යෙන්ම ගන්නවා. මම ආසයි මට ගැළපෙන විලාසිතා කරන්න.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම මේ වෙද්දි මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා. ලොකුම බලාපොරොත්තුව ඒ ව්‍යාපාරය දියුණු කරගෙන ඉස්සරහට යන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division