Home » රසිකයා අමන්දානන්දයට පත්කළ භාරත් රංග් මහෝත්සව්

රසිකයා අමන්දානන්දයට පත්කළ භාරත් රංග් මහෝත්සව්

by thanushika
February 15, 2025 12:30 am 0 comment
සුභාෂිණි ජයරත්න

රිදී ජුබිලිය සනිටුහන් කරමින්, ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ වන භාරත් රංග් මහෝත්සව් (Bharat Rang Mahotsav – BRM) 2025 පෙබරවාරි 6 සිට 9 දක්වා කොළඹදී පැවැත් වූයේ අති උත්කර්ෂවත් අන්දමිනි. මරදාන ටවර් හෝල් රඟහලේ පසුගිය 6 වැනිදා පැවැත්වූ සමාරම්භක උත්සවයෙන් අනතුරුව කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණිභාරත රඟහලේ ඇතුළු ස්ථාන කිහිපයක දින 4 ක් පුරාවට ශ්‍රී ලාංකිය රසික ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් පැවැත් වූ මෙම මහ රංග මහෝත්සවය ඉන්දියාවෙන් මෙපිට පැවැත් වූයේ ප්‍රථම වතාවට වීම සුවිශේෂි කරුණකි. සමාරම්භක උත්සවයෙන් අනතුරුව ටවර් හෝල් රඟහලේදී හින්දි භාෂාවෙන් ‘තජ්මහල් කා ටෙන්ඩර්’ සහ ‘බාබුජි’ ද, පනිභාරත රඟහලේදී සිංහල භාෂාවෙන් ‘රෝමියෝ ඇන්ඩ් ජුලියට්’ සහ ‘සිඳු කිරිල්ලි- 2 (වෙරෝනිකා රිටර්න්ස්)’ ද ඉදිරිපත් කෙරෙීය. 2025 පෙබරවාරි 06 වන දින ලංකාවේත්, ඉන්දියාවේ, නේපාලයේ නගර 13 ක් පුරා පැවැත්විය. Bharat Rang Mahotsav 2025 රුසියාව, ඉතාලිය, ජර්මනිය, නෝර්වේ, චෙක් ජනරජය, නේපාලය, තායිවානය, ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව යන රටවලින් අද්විතීය නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙයි.

වර්ෂ 1999 දී ඉන්දියාවේ භාරත් රංග් මහෝත්සව් ආරම්භ වූ අතර මෙවර එය පැවැත්වෙන්නේ රිදී ජුබිලිය සනිටුහන් කරමිනි. ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික නාට්‍ය පාසල විසින් සංවිධානය කරනු ලැබීය.

එය කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා රංගන කලා විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් කොළඹ ටවර් හෝල් රඟහල සහ පණිභාරත රඟහලේදී පැවැත්වීය.

‘භාරංගම්’ ලෙස ආදරයෙන් හඳුන්වන BRM යනු ලොව විශාලතම නාට්‍ය උලෙළයි. ඉන්දියාවේ දිල්ලි හිදි එය ජනවාරි 28 වන දින ආරම්භ වූ අතර 2025 පෙබරවාරි 16 වන දින දක්වා පැවැත්විණ.

BRM 2025 තේමාව “එක් ප්‍රකාශනයක්, උත්තරීතර නිර්මාණයක්” යි.

එපමණක් නොව ඉන්දියාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ ප්‍රගතිය පිළිබඳ දැනුම පරීක්ෂා කෙරෙන මාර්ගගත ක්‍රමයට තරඟයට ප්‍රවේශ විය යුතු Bharat Ko Janiye Quiz තරගයේ ඉහළම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධානයද මෙදින සිදුවීම සුවිශේෂි කරුණකි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. සන්තෝෂ් ජා, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මීට සහභාගී වූහ.

සේයාරු – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙනි

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division