LOLC ෆිනෑන්ස්, සිය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සහ පෞද්ගලික මූල්‍ය ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම විශේෂයෙන් සැලසුම් කළ පුහුණු වැඩසටහන් මාලාවක් දියත් කරමින් ශ්‍රී ලාංකේය ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වන සිය කැපවීම යළි අවධාරණය කරයි. 2009 වසරේ පෞද්ගලික මූල්‍ය ණය හඳුන්වා දුන් දා පටන් LOLC ෆිනෑන්ස් සාම්ප්‍රදායික බැංකු සේවාවන් සඳහා සීමිත ප්‍රවේශයක් ඇති කණ්ඩායම් අතර පරතරය පියවීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ LOLC ෆිනෑන්ස් පීඑල්සී හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ පුද්ගලික මූල්‍ය අංශයේ ප්‍රධානී චරිත් ජාගොඩ මහතා පැවසූයේ “LOLC ෆිනෑන්ස් හි තිරසාර ඉලක්ක හා බැඳුණු මෙම පුහුණු වැඩසටහන් අඩු ආදායම්ලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල ව්‍යවසායකත්ව මානසිකත්වය සහ සංස්කෘතිය පෝෂණය කරමින්, ඔවුන්ගේ ආර්ථික වර්ධනයට හා දරිද්‍රතාව අඩුකිරීමට සහාය වෙමින්, විශේෂයෙන් කාන්තාවන් ඇතුළු පුද්ගල සවිබල ගැන්වීම සඳහාවූ සමාගමේ කැපවීම පිළිබිඹු කරයි.” යනුවෙනි.