Home » සතියේ කලදවස

සතියේ කලදවස

පෙබරවාරි 24 සිට මාර්තු 02 දක්වා

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

මේෂ – වාසනාවන්ත සතියකි

සඳු, ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. වැඩිපුරම පුණ්‍ය කටයුතු කෙරෙහි නැඹුරුතාවයකින් යුතු සතියකි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. දරුවන්ගේ අධ්‍යාපනය, විවාහ, රැකියා වැනි සියලු යහපත් අරමුණු සපල විය හැකි සුබ කරුණු කාරණා මතු කරයි. විදෙස් ගමන් මෙන්ම වෙනත් ජයග්‍රහණ අත්වේ. සතිය අවසානය තරමක් ගැටලු මතු කරයි. අපල අවම වීමට දෙමාපියනට උපකාර කරන්න.

සුබ අංක – 6, 8 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

වෘෂභ – ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන

සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සතුටුදායක නොවිය හැකි නමුදු ඉන්පසු දින කීපය යහපත්ය. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන සහ ආර්ථිකය ශක්තිමත් බවක් ගෙන දෙයි. ගෞරවය කීර්තිය අත්පත් වෙන කටයුතු ද යෙදේ. පුණ්‍ය කටයුතු සඳහා වෙහෙසෙයි. උසස් අධ්‍යාපනය ලැබදෙයි. අපල අවම වීමට සමාජ සේවා, පොදු වැඩවලට සහය දෙන්න.

සුබ අංක – 6, 8 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සෙනසුරාදා, සිකුරාදා

මිථුන – කැපවීම තුළින් සැනසීම

සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර දියුණුව ඒවායේ සුබවාදී වෙනස්කම් දක්නට ලැබෙයි. දරුවන්ගේ උසස් අධ්‍යාපනික ප්‍රගතිය ඇති කරයි.

සතියේ දෙවන දිනය තරමක ගැටලු මතු කරයි. අධිෂ්ඨානය කැපවීම තුළින් ඔබට සැනසීම අත්කර දෙයි. සිත් රිදවීම් කලකිරීම් ආදියට මුහුණ දීමට සිදුවන බැවින් චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීම සතියේ අපල අවම කරයි.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා

කටක – සමාජ වගකීම් ඉටුකරයි

සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර මෙන්ම ආර්ථිකය යහපත් තත්වයක පවත්වා ගත හැකි නමුදු ඔබගේ ළඟම සිටින හිත මිතුරන් සියයට සීයක් විශ්වාස නොකර ඒ අය ඇසුරු කරන්න. පුණ්‍ය කටයුතු තුළින් ජීවිතයේ ගැටලු විසඳා ගැනීමට උත්සාහ කරන්න. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් සහනයක් ලැබෙනු ඇත. සමාජ වගකීම්වලට දායක වෙයි. අපල අවම වීමට මෛත්‍රිසහගත වන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – දරුවන් පිළිබඳ සතුට

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන් පිළිබඳ සතුටුවිය හැකි ඔවුන්ගේ දක්ෂකම් මතු කර දෙන සතියක ආරම්භයකි. ප්‍රමාද විවාහ ඉක්මන් කරන කරුණු කාරණා යෙදෙයි. සමාජ ඇසුරේදී ප්‍රවේශම් වීම වැදගත් වේ. යුග දිවිය, ගෘහ ජීවිතය සතුටෙන් ගෙවෙයි. තැන්පත් බව, ඉවසීම ඔබගේ අපල අවම කරයි. සුළු අනතුරුවලට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වන්න.

සුබ අංක – 1, 4 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

කන්‍යා – පදිංචි ස්ථානය අලුත්වැඩියාවට

සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදර දොර කටයුතු පිළිබඳ උනන්දුව උත්සාහය මතු කරයි. මවගේ සහයෝගය ලැබෙයි. මාවුපිය දූ දරු සබඳතා වර්ධනය කරයි. සතියේ 4 – 5 වෙනි දින තරමක් අසුබ මතු කරන බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ගෘහ ජීවිතය තුළ දියුණුවක් ගෙන දෙන අතර පදිංචි ස්ථානය අලුත්වැඩියාවකට ලක්කරයි. අපල අවම වීමට කුඩා දරුවන්ට ආදරය රැකවරණය දෙන්න.

සුබ අංක – 5, 7 / සුබ වර්ණ – සුදු, කොළ / සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා

තුලා – මවු පිය සොහොයුරු බැඳීම්

සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා වැඩිදියුණු වන සහෝදර මාවුපිය දූ දරු සබඳතා සහ පුණ්‍ය කටයුතු පල දරන සතියකි. දුවා දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය සතුටුදායක ලෙස වර්ධනය වේ. කියවීම, ලිවීමට ආදියට උනන්දු වේ. ගෘහ ජීවිතය තුළ ගැටලු අවම වෙයි. අපල අවම වීමට මධ්‍යස්ථ පිළිවෙළ අනුගමනය කරන්න.

සුබ අංක – 4, 7 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා

ධනු – ජයග්‍රහණ අත්වේ

සඳු ගමන් ගන්නේ ලග්නය, දෙවැන්න, 3 හා 4 යන භාවයන් මතිනි. ඔබගේ ශරීර සෞඛ්‍යය ශක්තිය වර්ධනය කෙරෙන සතියක් බැවින් අරමුණු අපේක්ෂා සපල කර ගැනීමට හැකියාව පවතී. තැන්පත් ධනයක් අත්පත් කර ගැනීමට භාග්‍ය ඇත. ගෘහ ජීවිතය ගැටලු නොමැතිය. දුවා දරුවන්ගේ අධ්‍යාපනික දක්ෂතා ද ඇති කරයි. ගෙදරදොර ඉඩකඩම් ගැටලු විසඳෙයි.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, තැඹිලි / සුබ දවස් – බදාදා, සිකුරාදා

මකර – කරන කියන කටයුතු සපල වේ

සඳු ගමන් ගන්නේ 12, ලග්නය, 2, 3 යන භාවයන් මතිනි. ආරම්භක දිනය තරමක ගැටලු පැන නඟින්නට හැකියාව ඇත. ඉන්පසු දින කිහිපය අයහපත් නොවේ. කරන කියන කටයුතු සපල වේ. පිනට දහමට යොමුවේ. අතමිට මුදලක් ඉතිරි කර ගත හැකිය. කතාව නිසා අන්‍යයන් පැහැදේ. සහජ හැකියාවන් ඔප් නැංවේ. අපල අවම වීමට රතන සූත්‍රය කියන්න.

සුබ අංක – 6, 8 / සුබ වර්ණ – රතු, සුදු / සබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – දූ දරුවන්ගේ නුවණ වර්ධනයට

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. ඉන්පසු දින තරමක වියදම් වැඩි වුවත් පසුව තත්ත්වය යහපත් වේ. තම අරමුණු අපේක්ෂා මුදුන්පත් කර ගත හැකිය. වචනයට අන්‍යයන් ගරු කරයි. හිතමිතුරු, ඥාති අයගෙන් උදව් උපකාර ලැබේ. දරුවන්ගේ නැණ නුවණ වර්ධනය වන සහ විදෙස් ගමන් සපල වන සතියකි. අපල අවම වීමට රෝගීන්ට සලකන්න.

සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, රතු / සුබ දවස් -සිකුරාදා, සෙනසුරාදා

මීන – රැකියා උසස්වීම්

සඳු ගමන් ගන්නේ 10, 11, 12, 01. රැකියා උසස් වීම්, ඒවායින් ගත හැකි ලාභ ප්‍රයෝජන උපරිමයෙන් ලබාගත හැකි සතියක් වන අතර ගමන් බිමන් අධිකය. සමාජීය කටයුතු, විහාරස්ථානවල කටයුතු ආදිය ද කරන්නට සිදුවේ. ගෙදර දොර ගැටලු නිරාකරණය වෙයි. ඉඩකඩම්, දේපළ ගැටලු ද අවම වේ. දරුවන්ගේ දියුණුව සැලසෙයි. මේ අතර පාඩු දරාගැනීමට ද සිදුවේ.

සුබ අංක – 4, 9 / සුබ වර්ණය – කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division