රජය අපහසුතාවයට පත් කරන ගොවියෝ සහ සහල් මාෆියාව
රටේ බලගතුම අභියෝගය මැද බලයට පත් වුණු මාලිමා රජය ඉදිරියේ ඇති අභියෝග මැඩීම සඳහා හැරෙන්නට තබා ඒ ගැන සිතන්නටවත් ඉඩක් නොමැතිව හාල් මාෆියාවක් හමුවේ ඊට මුහුණ දීමක් වශයෙන් හාල්වලට පාලන මිලක් නියම කළත් එය පිළි නොගෙන වීවලට මිලක් ඉල්ලමින් උද්ඝෝෂණය කරනුයේ පෞද්ගලික වෙළඳුන් හා මෝල් හිමියන් වී කිලෝව රුපියල් 80ට රුපියල් 90ට මිලදී ගන්නවා කියමිනි.
මෙවැනි පසුබිමක් තුළ රජය වී මිල නියම කිරීමට පියවර ගත්තේය. පසුව ඊට එරෙහිව වී කිලෝව රුපියල් 130ක ඉහළ මිල ගණන්වලට පෞද්ගලික වෙළඳුන් හා මෝල් හිමියන් විසින් මිල දී ගත් අතර, රජයේ නියම කළ මිල ගණන්වලට රජයට වී දීමට හැකියාවක් නොමැති බව පවසමින් දැන් ගොවීහු කෑ මොර දෙන්නට පටන් ගෙන තිබේ.
මේ විරෝධතා ගොවීන්ගේ දෙපිට කාට්ටු වැඩපිළිවෙළකි. විශේෂයෙන් කිව යුතුව ඇත්තේ හාල් මාෆියාවට තව තවත් උඩගෙඩි දෙමින් රජය අපහසු තාවයට පත් කරන්නකි. මේ විරෝධතාවන් පසුපස විපක්ෂයේ දේශපාලන පක්ෂ සාමාජිකයින් ද, මහ මැතිවරණයෙන් පරාජයට පත් විපක්ෂ අපේක්ෂකයින් ද නැතුවා නොවේ. මේ විරෝධතා මධ්‍යයේ වුවත් රජය එඩිතර ක්‍රියා මාර්ගයක් ගෙන ඇත. ඒ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන කළුකඩ කාරයින් වැටලීමය.
වීවලට නියම කළ මිලට වැඩියෙන් මිලකට පෞද්ගලික වෙළඳුන් වී මිල දී ගන්නේ නම් ඒ අයට වී දුන්නාට කම් නැතැයි ලාල්කාන්ත ඇමතිවරයා මාධ්‍යයට කළ කථාවක ගැබ්වී තිබුණි.
රජය අපහසුතාවයට පත් කිරීමේ උවමනාවෙන් දේශපාලන හා වි වෙළෙඳ මාෆියාවේ උවමනාව මත කටයුතු කරන ඇතැම් ගොවීන්ගේ මේ දෙපිටකාට්ටු ක්‍රියාවලිය හරිහැටි හඳුනාගත යුතුය. මේ සඳහා එඩිතර ක්‍රියා මාර්ග ගැනීමට ජනාධිපති ප්‍රධාන කැබිනට් මණ්ඩලයේ වගකීමය.
රජයට වී නොදෙන ගොවීන්ට ඉදිරියේදී ගොවිතැන් සඳහා ලබාදෙන සියලුම රජයේ සහන කපා හැරිය යුතු අතර මේ සඳහා සහය දෙන අස්වැසුම, වැඩිහිටි දීමනා ලබාගන්නා ඒ සඳහා නුසුදුසු (දේශපාලන ලබැඳියාව මත ලබාදුන් ඒවා) අය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.
මේ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් රජයේ කකුලෙන් ඇදීමට විපක්ෂයේ ක්‍රියාකාරීන් සහ හාල් මාෆියාව එක්ව සිදු කරන මේ ක්‍රියාකාරකම් කෙසේවත් මැඬිය නොහැකි වනු ඇත.
හිඳගල රත්නායක
කඹුරුගමුව සමුද්‍රතීර සුනාමි නිවාසවලට ස්ථිර ඔප්පු ලබා දෙන්නේ කවදා ද?
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ කඹුරුගමුව සමුද්‍රතීර ප්‍රදේශයේ සුනාමි නිවාස 69ක් ඇත. මෙම නිවාස ලබාදී වසර 18 ක පමණ කාලයක් ගතවී ඇත. මේ දක්වා එම නිවාසවලට ස්ථිර ඔප්පු ලබාදීමට කටයුතු කර නොමැත.
මේ නිසා නිවාසවල වෙසෙන ජනතාවට තම දරුවකු පළමු වසරට පාසලකට ඇතුළත් කිරීමට යෑමේදී ස්ථිර පදිංචිය සනාථ කිරීමට නොහැකි නිසා මහත් අපහසුතාවලට මුහුණ පෑමට සිදුව ඇත. එමෙන්ම තම නිවාස ඇපයට තබා බැංකුවකින් යම්කිසි මුදලක් ලබාගැනීමට නොහැකි මෙන්ම තම පුද්ගලික අවශ්‍යතාව මත වෙනත් පාර්ශ්වයකට පවරා දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.
මේ පිළිබඳ නොයෙක් වර දැනුවත් කිරීම සිදු කළ ද එහෙත් මේ පිළිබඳව මේ දක්වා කිසිඳු වගකිවයුතු බලධාරියකුගේ අවධානය යොමුවී නොමැත. එමනිසා දැන්වත් වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු වී කඹුරුගමුව සමුද්‍රතීර සුනාමි නිවාසවලට නොපමාව ස්ථිර ඔප්පු ලබාදීමට කටයුතු කරන මෙන් දන්වා සිටිමි.
වසන්ත ද සිල්වා
වැලිගම