Home » ‘සෙංකඩගලපුර දළදා බුදු රැස්’ හඬින් සිත්තම් කළ අමිතා

‘සෙංකඩගලපුර දළදා බුදු රැස්’ හඬින් සිත්තම් කළ අමිතා

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

හිමිදිරි උදෑසන ඇයගේ මිහිරි හඬින් ‘සෙංකඩගලපුර දළදා බුදු රැස්’ සිතින් දකිමින් පහන් වූ සිතින් දවස ඇරඹූ යුගයක් අපට තිබිණි. ‘පින්න මල් පිපී’, ‘කන්ද උඩින් හඳ පායන ලීලා’, ‘බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද’, ‘අනෝතත්ත විල’, ‘සබඳ ඔබේ හද අංජලීකරණීයයි’, ‘විලක නෙළුම් මට කුමටද’, ‘හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ’, ‘ආදර චාරිකා ජීවන චාරිකා’ ආදි ගී රැසක හිමිකාරිනිය වන ඇය අමිතා වැදිසිංහ නම් වන්නීය.

1954 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශිල්පීය වැඩසටහන් මඟින් සිය සංගීත දිවිය අරඹන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂ ලකුණක් තැබූ අයෙකි. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබු ඇය පාසල් වියේ සිටම කලාවට සම්බන්ධ වුවාය. ආධුනික ගී වැඩසටහනකට සහභාගි වීමෙන් ප්‍රථම ස්ථානය දිනූ අමිතා ගීත ගායනයට යොමු කරවන්නේ රෝහිත විජේසූරිය නම් වූ සංගීත ශිල්පියාය. ‘රන්මුතුදූව’ චිත්‍රපටයේ සමූහ ගායනට එක් වෙමින් සිය ගමන ආරම්භ කළ ඇය මිය යන විට ගීත 800ක් පමණ ගායනා කර තිබිණි.

වීරකැටිය මහා විද්‍යාලය, අශෝක විද්‍යාලය, පිඹුර මහා විද්‍යාලය, බුලත්සිංහල විද්‍යාලය, පාණදුර පින්වත්ත මහා විද්‍යාලය, පාණදුර රාජකීය විද්‍යාලය සහ සද්ධර්මෝදය විද්‍යාලය යන පාසල්වල ගුරුවරියක ලෙස සේවය කර, පසුව රජයේ පාසල් සංගීත අධ්‍යක්ෂවරියක ලෙසද ඇය කටයුතු කළාය.

අමිතා වැදිසිංහ වික්ටර් දළුගම සංගීතවේදීයා සමඟ යුග දිවියට එළඹි අතර, දරු දෙදෙනකුගේ මව වූවාය. ඇය මියයන විට 82 වැනි වියේ පසු වූවාය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division