Home » මතකයන් ඉතිරි කර සමුගත් කවිකාර සොහොයුරු උපුල්

මතකයන් ඉතිරි කර සමුගත් කවිකාර සොහොයුරු උපුල්

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

ජීවිතය හැර දමා කොයි මොහොතේ යන්න වේද කියා විශ්වාස නැත. එසේ වෙන්ව ගිය ගොඩට අලුතින්ම එක් වූයේ කවියට පෙම්බැඳි කාගෙත් හොඳහිත දිනූ ප්‍රවීණ ලේඛකයකු වන උපුල් සේනාධිරිගේය.

තිඹිරිගස්යයේ උපන් උපුල් කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය. බාල වියේ සිටම කලාවට ඇල්ම දැක්වූ ඔහු විවිධ කලා සංගම් ඇසුරේ තම අත්දැකීම් බෙදාගනිමින් පුවත්පත් කවි පිටුවලට ලියමින් ලේඛන කලාවට පිවිසියේය. 2013 වසරේදී ‘මෙ මල් කලඹම නුඹ සතු’ පළ කළ ඔහු ඉන් පසු ගෙවූ කාලය තුළ කවි පොත් කිහිපයක්ම පළ කර ඇත. 2024 වසරේදී ඔහු පළ කළ ‘ඉඳුදුන්න නැමුණු තැන’ කාව්‍ය සංග්‍රහයට විදර්ශන සාහිත්‍ය ත්‍යාගයද හිමි විය.

දරුවන් දෙදෙනෙකුගේ පියකු වන උපුල්, මායාගේ සැමියා වේ. වයස අවුරුදු හතළිස් පහේදී රෝගි තත්ත්වයක් හේතුවෙන් දෑස් නොපෙනී යන උපුල්ගේ සියලු කටයුතු ඉටු කරන්නේ බිරිය මායා විසිනි. ඉන් කලකට පසු එක් පාදයක්ද ඉවත් කරනු ලබන අතර, උපුල් එයින්ද හිත හදාගන්නේ කවියට දැක්වූ ඇල්ම නිසායැයි හැඟේ. කාගෙත් හොඳ හිත දිනූ සහෘදයකු වන උපුල් ජීවිතයෙන් සමුගන්නේ ජීවන මඟේ 65 වැනි වියේ පසු වද්දීය.

අභාවප්‍රාප්ත උපුල් සේනාධිරිගේ අවසන් කටයුතු සෙනසුරාදා (22) ඇරැව්වල පොදු සුසාන භූමියේ සිදු කිරීමට නියමිතව තිබිණි. ආදරණීය කවි සොයුර, ඔබට සුබ ගමන්!

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division